Showing posts with label සමාජීය. Show all posts
Showing posts with label සමාජීය. Show all posts

දෛනික වස්තුව..

බ්ලුමැන්ඩල් කුණු කන්ද යටත්  මල් පිපෙනවා
ලස්සන මල් පිපෙනවා
අබ සොයාන කිසාගෝතමී
පාරෙ සරනවා
කිසාගොතමිලා
පාරෙ සරනවා
ගංවතුරට ගහගෙන යන අපි
ගිනි අව්වෙත් පිච්චි පිච්චි
කදෝපැනි එලි වියන යට
සිහින තාරකා පෙලහරකට
ගොඩවෙන්නට
දිලිසෙන්නට
පෙරුම් පුරනවා
 
ඉතිහාසය ප්‍රොඩ කටහඩින්
විද්යුතයේ මාර්කට් වෙනවා
අසපුවේ දොර හෙමිහෙමිහිට
දාහේ පටි වලින් අරිනකොට
දහම් දීපය තොල් මතුරනරට
හැමදාමත් ප්‍රශස්ති ගී
පටාචාරා පිළිකන්නට වැද සුසුම් හෙළනවා
කඳුළු සලනවා
 
දේශප්‍රේමි ප්‍රාඩෝ රථ පෙළ
විදුලි වේගයෙන් ඉගිලෙනවා
දේශප්‍රේමි අපි බස් රථයේ
තනිකකුලෙන් මිරිකෙන කොට
 දහම් දීපය තොල් මතුරනරට
හැමදාමත් ප්‍රශස්ති ගී
සසර කෙටි අපි නිර්වානෙට පිං අයදිනවා 
පිං පුරවනවා .
(වාස්)

සංවේදී මිනිස් පවුර

අපි මේ සංස්කෘතික විශ්වයේ සැරිසරමින් සිටින අතර විවිධ ආශාවන්, විවිධ බලාපොරොත්තු, විවිධ අරමුණු, විවිධ සිහින අපේ කරගෙන, මගේ කරගෙන ජීවත්වනවා. මෙලොව එළිය දකින මොහොතේදී අව්‍යාජ හදවතකට, අවංක හදවතකට හිමිකම් කියූ අපි හැම නිමේෂයකම, හැම පැයකම, හැම දවසකම නොයෙකුත් ආශාවන්, නොයෙකුත් ලෞකික දේවල් අපේ හිත්වල පොදි ගහගනිමින් මේ සංස්කෘතික විශ්වයේ අතරමං වෙමින් සිටිනවා. මගේ කරගත යුතු හීන මගේ හීන කරනොගෙන, මගේ කරගතයුතු නැති හීන මගේ කරගෙන යන මේ ගමන තුළ නිරන්තරයෙන් අපි හොඳ නරක, හරි වැරදි නිවැරදිව වටහා ගනිමින් නොගනිමින් මග හරිමින් මේ සංස්කෘතික විශ්වයේ අතරමං වෙමින් සිටිනවා. මෙතනදී දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි අපේ සමාජයීය ජීවිතයට විවිධ සීමාවන් ලකුණු කරගනිමින් පටු මනසකට ගාල් වෙනවා. ඒ නිසාම මේ සංස්කෘතික ගමනේදී මට අනුව මම හරි, මට අනුව මම පොරක්, මට අනුව මට මීට වඩා කරන්න දෙයක් නැහැ, මට අනුව මගේ අවංකකම ගැන අව්‍යාජත්වය ගැන කාටවත් මාව ප‍්‍රශ්න කරන්න බැහැ, මට අනුව මගේ දෛවය කවුරුන් විසින් හෝ ලියන ලද්දක්, මට අනුව මගේ දෛවය වෙනස් කරන්න මටවත් වෙන කාටවත් බැහැ, මට අනුව මම මෙච්චරයි. 
                   ඔව්, වත්මන් සංස්කෘතික පොළොවේ සැරිසරන මට, අපිට මේ ක‍්‍රමවේදය විසින් හිතන්න පුරුදු කරල තියෙන්නේ ඒ විදියට. අපිව හිත්තවන්නෙ ඒ විදියට. ඉතින් මම එහෙමම හිතමින් ජීවිත් වෙනවා. අපි එහෙමම හිතමින් ජීවත් වෙනවා. මේ යථාර්ථය තුළ සිතීම කි‍්‍රයාව බවට පත් කරන අපි නිර්මාණය කරනවා ‘සමාජය’. ඉතින් අපි විසින්ම නිර්මාණය කළ නිර්මාණය කරන සමාජය තුළ බිහිවන ප‍්‍රතිඵලවලට අපිම බනිනවා. දන්න හැම විදියටම බනිනවා. 
                  දැන් අපි කාටද මේ බනින්නේ? අපි මොනවටද මේ බනින්නේ? හිතලා බලනවා නම් ඒ ප‍්‍රශ්න හරිම වැදගත්. කොහොම වුණත් අපි විසින්ම නිර්මාණය කරන අපේ සමාජය පිළිබඳව දළ අදහසක් ඇති කරගැනීමට සමාජය යම් අධ්‍යයනයකට භාජනය කළ විට මතුවන ප‍්‍රතිඵල අතර, 
  • සමාජයක් විදියට අපි දවසින් දවස විනාශයේ මුඛයට යමින් සිටින නිසාම පත්තර පිටු පුරා වාර්තාවන ප‍්‍රවෘත්ති අතර මිනිස් ජීවිතවල ඛේදනීය අත්දැකීම් අකුරු වනවා.
  •  දරුවන්ගේ ලෝකය යහපත් කරන බවට වගකිවයුත්තන් හඬගා කිව්වත් දිනෙන් දින දරුවන්ගේ ලෝකය විනාශවෙමින් පවතිනවා. දරුවන්ට ඔවුන්ගේ ලෝකය අහිමි වෙමින් පවතිනවා.
  •  ළමා පරපුර අධ්‍යාත්මිකව පෝෂණය කරමින් ඔවුන්ව අධ්‍යාපනිකව දියුණු බුද්ධි මට්ටමකට ඔසවා තැබීම දෙමව්පියන්ගේ හා වැඩිහිටි සමාජයේ වගකීම වුවත් අද වන විට දරුවන් අධ්‍යාත්මිකව පෝෂණය කරනට අවශ්‍ය අවම දේවත් නොකරමින් සාහිත්‍යය දරුවන්ගේ ලෝකයෙන් ඈත්කර තිබෙනවා. දරු පරපුර කටපාඩම් ගිරව් බවට පත්කර ඔවුන් තුළින් නාමමාති‍්‍රක උගතුන් බිහිකරමින් සිටිනවා. දරුවන් තුළින් බුද්ධිමතුන් බිහිවීමේ කි‍්‍රයාවලිය ගබ්සා කර තිබෙනවා.
  •  ආච්චි වුණත් මොකද හොඳට ලව් කරනවා නම් කියලා, එහෙම කියනකොට හිනාවෙලා, අත්පුඩි ගහලා, නටලා, ඒ සිංදු මාරයි කියපු වැඩිහිටි සමාජයම දැන් යටිගිරියෙන් බෙරිහන් දෙනවා ‘අද කාලෙ හැදෙන උන් ගන්න දෙයක් නැහැ, කොටින්ම වැඩිහිටියන්ට සලකන්න දන්නෙ නෑ’ කියලා.
             මේ විදියට පිටු පිරෙන්න ලියන්න පුළුවන් ඛේදනීය සිදුවීම් මේ සමාජය තුළ මුල් බැසගෙන තියෙන්නෙ මට මම හරි සමාජයක් තුළයි. මම මට වග නොකියන, මම අපිට වග නොකියන සමාජයක් තුළයි. මගේ හීන අපේ හීන එක්ක සමපාත නොවන සමාජයක් තුළයි.
              ඉතින් මෙහෙම සමාජයක මට අපිට සාම්ප‍්‍රදායික මිනිස් සිතීමට ගොඩවී පොදු ප‍්‍රකාශ නිකුත් කරමින් අනෙකාට බැන බැන, සමාජයට බැන බැන, සමාජය එල්ලූම් ගහේ යවන්න  ඕනි කිය කිය පණක් නැති, ඵලක් නැති වචන මතුරමින් ඉන්න පුළුවන්ද? කෙස් පැලෙන තර්කවලින් සමාජය වෙනස් කරන්න හිස් වචන කියකිය ඉන්න පුළුවන්ද? අමාරු ඇත්ත වෙනුවට ලේසි බොරුව තෝරාගනිමින් ‘ෂේප්’ න්‍යාය අනුගමනය කරන්න පුළුවන්ද?
              මේ ප‍්‍රශ්නාර්ථ  මීට අවුරුදු 06කට කලින් අපිව නිරුත්තර කළා. අපිව අවදි කළා. අපිව සකී‍්‍රය කළා. ඒ හරහා දුෂ්කර මුත් සත්‍යවාදී ගමනකට අපිව තල්ලූ කළා.
               අපි ඒ ප‍්‍රශ්නාර්ථවලට සවිඥානික වුණා. ඒ ප‍්‍රශ්නාර්ථවලට අභිමුඛ වුණා. ඒ ප‍්‍රශ්නාර්ථවල බර පිළිබඳ පුළුල් කතිකාවකට ගොඩවුණා. ඒ අනුව අවංක කියවීමක ගැඹුරු සංවාදයක ප‍්‍රතිඵලය විදියට අපි කැමැත්තෙන්ම ඒ දුෂ්කර මාවත තෝරගත්තා.
               ඒ තෝරා ගැනීමේ  ප‍්‍රතිඵලය විදියට අපි දැනුවත්වම සමාජයට දියවෙන්න පටන් ගත්තා. අපි දියවෙන තරමට සමාජය විසින් අපිව ගුණයෙන් පෝෂණය කරන්න වුණා. අපි සමාජයීය මිනිසුන් වුණේ මේ සියලූ තත්වයන්වල ප‍්‍රතිඵල විදියටයි.
                මේ අපේ සමාජයීය සිතීම, මේ අපේ සමාජයීය සිටීම. ඒ තුළ ගොඩනැගුන අපේ සමාජයීය භාවිතය දිනෙන් දින ව්‍යුහයක් ලෙස මෝරන්න පටන් ගත්තා. ක‍්‍රමිකව වැඩෙන අපේ මේ ව්‍යුහයට භාෂා ලෝකය තුළ අර්ථ නාමයක් අවශ්‍ය නිසාම අපි මේ ව්‍යුහයට ‘සංවේදී මිනිස් පවුර’ යන නම තැබුවා. 
                  අවුරුදු 06 ක් පුරා මේ සංවේදී මිනිස් පවුර තුළ අපි බොහෝ කි‍්‍රයාකාරකම්  කරමින් සිටිනවා. ඒ කි‍්‍රයාකාරකම් විටෙක මහා සමාජ ප‍්‍රකාශන මහා සමාජ සත්කාරයන් දක්වා විශාල වන අතර තවත් විටෙක එය කුඩා දරුවකුට පොතක් පෑනක් අරන් දෙන තරමට සුළු උපකාර බවට පත්වී කුඩා වනවා.
               කොහොම නමුත් ඒ සියලූ  කි‍්‍රයාකාරකම් මේ වියමන තුළ අකුරු බවට පත්කරන්නට අපේක්‍ෂා නොකරන අතර ‘අපි’ පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීමට දළ අදහසක් ඇතිකරගැනීමට සංවේදී මිනිස් පවුර එක් එක් ව්‍යුහයක් හරහා මේ මහ පොලවේ කි‍්‍රයාකරන ආකාරය මෙහි සංක්‍ෂිප්තව අකුරු කරනවා.

සුබෝධන ළමා කවය

              කොහේ පිපුණත් මල් මල් මයි. එකපාට මල්වලට වඩා පාට පාට මල් එකතැනක තියෙනකොට ලස්සනයි. එක එක ජාතියේ මල් එක තැනක තියෙනකොට ලස්සනයි.
              කාගෙ වුණත් දරුවො දරුවොමයි. එකම පාට එකම ආගමේ එකම ජාතිකත්වයේ දරුවන්ට වඩා විවිධ ජාති, කුල, ආගම්, පාට නියෝජනය දරුවන් තුළ ඇති විවිධත්වය ළමා ලෝකය තුළ මොනතරම් අපූරු සිතුවම් විචිත‍්‍රවත් කරනවාද?
              අපි පුංචි දූ  පුතුන්ගේ ලෝකය ලස්සනට නිර්මාණය කරන්න ඔවුන්ගේ පුංචි මනසට ඇතුල්වෙලා ඉන්නවා. ඔවුන් එක්ක සිංදු කියනවා. සෙල්ලම් කරනවා. චිත‍්‍රපට බලනවා. ඔවුන්ට උගන්වනවා. විවිධ කි‍්‍රයාකාරකම් හරහා ඔවුන්ව ආදරයෙන් පෝෂණය කරනවා.
              වැඩිහිටි සමාජය විසින් ජාති, කුල, ආගම් බේද මේ පුංචි ලෝකයට ඇතුල් කරන කි‍්‍රයාවලියට එරෙහිව අපි මහා පවුරක් සේ නොසැලී සිටිනවා.

අරුණෝදය යෞවන කවය

              නව යෞවන විය සහ යෞවන විය කියන්නේ ජීවිතයේ තීරණාත්මක කඩඉමයි. බොහෝ දෙනා මේ අවදියේ දී ජීවිතය පටන් ගත යුත්තේ කොහොමද? තෝරාගත යුත්තේ මොනවාද? කාවද? අතහැරිය යුත්තේ මොනවාද? කාවද? කියලා හරිහැටි අවබෝධ කරගන්නේ නැති නිසා හිමිදිරි පාන්දරම ජීවිතය වරද්ද ගන්නවා. මේ තත්වය තුළ හරිම භයානක ප‍්‍රතිඵල සමාජගත වනවා. ඒ නිසා අපිට මේ නව යෞවන සහ යෞවන වියේ පසුවන දූ දරුවන් පිළිබඳ පැහැරහැරිය නොහැකි වගකීමක් තියෙනවා.
             ඒ වගකීම ඒ බරෙන්ම භාරගත් අපි මේ වනවිට මේ තරුණ පරම්පරාවට රැස්වන්නට, කතාබහ කරන්නට, ඉගෙනගන්නට, සතුටුවන්නට අරුණෝදය කවය නිර්මාණය කර තිබෙනවා.
              ජීවිතය පිළිබඳව ධනාත්මකව හිතන්නට, ජීවිතය පිළිබඳව යථා සිහින පමණක් මනස තුළට ගොනු කරන්නට, ජීවිතය සමාජය ඉගෙනගන්නට, ජීවිතය විඳින්නට තරුණ දූ පුතුන්ට අරුණෝදය කවය හරහා ඉඩ ප‍්‍රස්ථාව සලසා තිබෙනවා.

හිරු පුස්තකාලය

              ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ කියන කියමනට අපි පුංචි සංශෝධනයක් එකතු කළා. ‘අර්ථවත් පොතපත කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ අපි එහෙම කියන්නේ අද වෙනකොට මේ සමාජයට මුදාහැරලා තිබෙන බොහෝ පොතපත මනස දූෂණය කරන්නට තරම් සැහැසි ප‍්‍රකාශන වී ඇති නිසයි.
              අපි ළඟ හොඳ පොත්පත් ටිකක් තියෙනවා. අපි ඒ පොත් පත් අපේ ගමේ දූ දරුවන්ට, තරුණ තරුණියන්ට, වැඩිහිටියන්ට කියවන්න දෙනවා. හිරු පුස්තකාලය නිසා අපේ ගම දැන් අකුරු වෙනුවට ජීවිත කියවන්න පටන් අරගෙන තිබෙනවා.

අකුරු පෙර පාසල

අකුරු පෙර පාසල තුළින් අපි සිඟිති දූල පුතාලගෙ පූර්ව ළමාවිය සංවර්ධනයට යොමුවෙනවා. මේ සඳහා පෙර පාසලේ ගුරුතුමියන් 03 දෙනෙක් වෙහෙසෙනවා. මේ වන විට කුඩා දූ පුතුන් 30ක් පමණ අකුරු පෙරපාසලේ ඉගෙනුම ලබනවා. මේ පුංචි මනස් නිවැරදිව, මනෝ විශ්ලේෂණිකව හඳුනාගත් අපි පුංචි දූලා පුතාලට ජීවිතයට නිවැරදි ආරම්භයක් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. (අකුරු පෙරපාසල සඳහා පමණක් අපි සුළු මුදලක් අයකරනු ලබනවා. ඒ ගුරු මණ්ඩලයේ නඩත්තු කටයුතු සඳහා. සංවේදී මිනිස් පවුර බේරුවල ප‍්‍රදේශය තුළ සිදුකරන එකම මූල්‍යමය ගණුදෙනුව මෙය පමණයි.

පෙරඹර සංස්කෘතික මණ්ඩපය

සිංදු කියන්න, නටන්න, නාට්‍ය රඟපාන්න වගේම විවිධ කලා කුසලතාවයන් ඇති ඒවා වර්ධනය කරගන්න ආස දූ පුතුන් අපේ ගමේ ඉන්නවා. ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා මෙන්ම එම කුසලතාවයන් ගම තුළ මෙන්ම ගමෙන් පිටතත් වේදිකාගත කරන්නට ඉඩකඩ ලබාදීම පෙරඹර සංස්කෘතික මණ්ඩපයේ අරමුණයි. මේ වන විට පෙරඹර සංස්කෘතික මණ්ඩපය හරහා දක්‍ෂ කලාකරුවන් සමාජගත කිරීමට මෙන්ම සාර්ථක කලා මහෝත්සව කළඑළි ගන්වන්නට අපට හැකිවී තිබෙනවා.

දුයිශෙන් ඉස්කෝලෙ

                  අපි චිංගීස් අයිත්මාතව්ගේ ‘ගුරු ගීතය’ කියෙව්වා. ගුරු ගීතයේ අකුරු නෙවෙයි ජීවිත කියෙව්වා. ඒ කියවීමේදී  දුයිශෙන් මහා සාරවත් මිනිසෙක්ව අපට අභිමුඛ වුණා. අපි දුයිශෙන්ට ආදරය කළා. දුයිශෙන්ව අපේ පොලවේ ජීවත්කරවන්නට අපිට  ඕන වුණා.
                   අපි අපේ ගමේ  ඉස්කෝලයක් පටන්ගත්තා. ඒ ඉස්කෝලෙට දුයිශෙන් ඉස්කෝලෙ කියලා නම තිබ්බා. අකුරු පන්තියේ ඉඳන් අ.පො.ස. උසස් පෙළ දක්වා දරුවන්ට අපි දුයිශෙන් ඉස්කෝලෙදි සිප්සතර ලබාදෙනවා. හැබැයි ඒ වෙනුවෙන් අපි රුපියලක්වත් අයකරන්නේ නැහැ. ඉගැන්වීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය අපිට කෝටියක් වටිනවා. අපෙන් ඉගෙනගන්න දරුවන්ගේ බුද්ධි වර්ධනය දිහා බලලා අපි නිහතමානීව සතුටු වෙනවා.

සියැටල් පරපුර

           අපි ළමා ලෝකයට වැඩිපුර සංවේදී වෙනකොට අපිට අවබෝධ වුණ කාරණයක් තමයි අද ළමා පරපුර මෙන්ම තරුණ පරපුර ගහ කොළට, සතාසීපාවාට ආදරය නොකරන යාන්ති‍්‍රක දිවි පෙවෙතකට යොමුවෙලා තියනවා කියන අවාසනාවන්ත යථාර්ථය. ගහ කොළට ආදාරය නොකරන පරම්පරාවකින් තෙතමනයක් ඇති හිතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? නිර්මාණ උල්පතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මානව සමාජයට ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
            අපි සියටල් පරපුර නිර්මාණය කරමින් සිටිනවා. ගස්කොළන්වලට ආදරය කරන ඒ උතුම් පරපුර නිර්මාණය කරමින් සිටිනවා. ගස් හිටවලා, වතුර දාලා, ආදරයෙන් ගහ හදලා, මලක් පිපෙනකොට ඒ දිහා බලලා හිනාවෙන පරම්පරාවක් අපි බිහිකරමින් සිටිනවා. සියටල් පරපුර තුළින් තෙතමනයක් ඇති ලස්සන හිත් අපේ ගමට කැන්දන්න හැකි වේවි. 

විශ්ව ප‍්‍රජා මණ්ඩලය

           ගමක් තනන්න, පරපුරක් බිහිකරන්න ලේ දහඩිය කරපු තාත්තලා වගේම ලේකිරි කරපු අම්මලා ගම වෙනුවෙන්, සමාජය වෙනුවෙන් තම ජීවිතයේ උතුම් කාලය කැපකරලා අද වෙනකොට පවුල තුළ හුදකලා වී සිටින්නේ ‘දැන් ඉතින් අපේ කාලෙ ඉවරයි’ කියන සිතුවිල්ලට කොටුවෙලා. ඒත් අපේ විශ්වාසය ගමක් ලස්සන කරන්න, ගමක් ගොඩනගන්න, ගමට ආදරය කරන සමාජ සංවිධාන වගේම දෙමාපියන් ද එක හිතින් අත්වැල් බැඳගත යුතු බවයි. දරුවන්ගේ ලෝකය ලස්සන කරන්න ගමම එකම පවුරක් සේ එක්ව කි‍්‍රයාකළ යුතු බවයි.
          අපේ මේ විශ්වාසය තුළ අපි රටට ලස්සන ගමක් බිහිකරන්න විශ්ව ප‍්‍රජා මණ්ඩලය නිර්මාණය කළා. ගමට වටින, රටට වටින උතුම් මිනිසුන් එක්ක හැකි උපරිම සීමාවේ වැඩකලාවක් තුළ ගම ගොඩනංවන්න, සාමූහිකත්වය වර්ධනය කර ගම සංවර්ධනය කරන්න විශ්ව ප‍්‍රජා මණ්ඩලය හරහා අපි උත්සාහ දරමින් සිටිනවා.
          ගම සාමූහික කළ තරමට ගමට දිනාදිය හැකි ජයග‍්‍රහණ අපමණ නිසාම විශ්ව ප‍්‍රජා මණ්ඩලයට ගම තුළ කරන්නට ඇති දේ අපමණයි.
          මේ ව්‍යුහයන් හරහා සංවේදී මිනිස් පවුර බේරුවල ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන පොදු ජන මනස සංවර්ධනය කරන්න යෝධ ගමනක පුංචි පියවර කිහිපයක් ඉදිරියට පැමිණ තිබෙනවා. බේරුවලට පමණක් සීමා නොවන අපේ සිතීම තුළ අපි විවිධ ප‍්‍රදේශ ගවේෂණය කරමින් පුළුල් කි‍්‍රයාකාරකම් කරමින් සිටිනවා. එහි ප‍්‍රතිඵල ලෙස මේ වන විට අපට යාපනයේ උඩුවිල්, නාරන්තනෙයි, චාවකච්චේරි සහ පේදුරුතුඩුව වැනි ප‍්‍රදේශවල ළමා හා තරුණ කණ්ඩායම් සමඟ කටයුතු කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ සහෝදර බැමි නිසා අපිට ඇත්තේ අසීමිත ආශ්වාදයක්.
           සංවේදී මිනිස් පවුර බේරුවල ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක වන්නේ ගල්පොත්ත සංවේදී පියස මධ්‍යස්ථානය කොට ගනිමින්. වර්ග අඩි 2000ක පමණ බිම් මහලකින් සමන්විත සංවේදී පියසේ පළමු මහල රඟහලක් ලෙස සකස් කරගැනීම අපේ අනාගත සිහිනයක්.
            සංවේදී මිනිස් පවුර ලෙස අප යන මේ ගමන ඇත්තෙන්ම අසීරුයි. වැටි වැටි නැගිටිමින් යන මේ ගමන තුළ අසීරුතාවයන් නිසාවෙන්ම ගමන අතහැර දමන්නට අපට බලකෙරෙන වාර අනන්තයි. අප‍්‍රමාණයි. ඒත් මොනතරම් අසීරු වුවත් මොනතරම් දුෂ්කර වුවත් මොනතරම් කටුක අත්දැකීම්වලින් සමන්විත වුවත් මේ මාවතේම ගමන් කරන්නට ඒ හරහා මිනිස් සමාජයට අවම යුතුකම්වත් ඉටුකරන්නට අපි තීරණය කර අවසන්. ග‍්‍රාමීය මිනිස් සමාජය මෙන්ම නාගරික මිනිස් සමාජය තරණය කරමින් සියලූ මිනිස් ජීවිත බුද්ධිය හා තෘප්තිය පිරි දියුණු සමාජ තලයකට ඔසවා තබන්නට අප දරණ උත්සාහයේ දී අපත් සමගින් අත්වැල් බැඳගනිමින් විවිධ ක්ෂේත‍්‍රවල සිටින අපේ සහෘදයින් අපව දිරිමත් කිරීම අපට මහත් ශක්තියක්. යථා පොළව තුළ සමාජයම දියවීමක් උදෙසා අප දරණ වෙර හමුවේ අපට ශක්තිය සපයන අපට හුස්ම දෙන අව්‍යාජ මිනිසුන්ගේ ඒ අමිල දායකත්වය හෙට දිනයේ ද අපට වඩවඩා අවශ්‍යයි. අප සමඟ අත්වැල් බැඳගන්නා පරාර්ථකාමී මිනිසුන්ගේ ශක්තිය ද එක් රැුස්කරගෙන වඩවඩා සමාජගත වන්නට අපි දැඩි වුවමනාවකින් කටයුතු කරමින් සිටිනවා.
 
සංවේදී මිනිස් පවුර
සංවේදී පියස,
ගල්පොත්ත,
බේරුවල,
ශී‍්‍ර ලංකාව
.

ඇරියස් කවර් කිරීමට පෙර....

මෙය වන්දනා වලටත් දැමිය නොහැකි, ක්ෂේත්‍ර චාරිකා වලටත් දැමිය නොහැකි. විනෝද ගමන් වලටත් දැමිය නොහැකි නමුත් එසේ වන සමාජ ව්‍යාධියකි. මාස කිහිපයකින් පසුව මෙය තව මාසයකින් එක හමාරකින් සුව වේ.

මේ ගමන ලංකාවේ ශාන්තිකර්මයකදී ආවේශවෙමින් නැටීමකට සමාන කල හැකිය. මෙහි තේරුමක් නොදැන වුව කරති. යාපනේ යන මේ ගමන ද එසේ එකකි. නමුත් යාපනේ යනු පන්සලක් හෝ පිරිත් වතුර පිරි කලයක් නොව යුද්ධයකින් පසුව දකුණට අනාවරනය වන ගැඹුරු තුවාලයකි. දකුණෙන් යන අය මේ තුවාලයේ නිල මැස්සන් වෙනවාද යන්න ගැන සිතා බැලිය යුතු වේ. නිල මැස්සන්ට තුවාලයේ වසන්නට ඉඩ දෙන නිල වශයෙන්ම වන නිල ඇත්තෝ ද සිටින බවද පැහදිලිය.

මිනිසුන් යාපනයේ කුමකට ගියත්... යාපනයේ නොවන අය විසින් සිතා බැලිය යුතු කරණා කිහිපයක් ඇත.

  1. යාපන නගරයකි (කුරුණෑගල, කොළඹ සේම මහනුවර සේම නගරයකි)
  2. යාපනය මිනිසුන් ජීවත් වන (මිනිසුන් යනු අපි වැනිම සිතන සිතෙන, දේවල් දැනෙන පිරිසකි) කලාපයකි.
  3. යාපනය සත්තු වත්ත්ක් නොව සමාජයකි (ඇතම් කාරණා වලින් දකුණට වඩා ඉදිරියෙන් සිටින)
  4. යාපනය දකුණේ වස්තුවක් නොවේ. (යුද්ධයෙන් පසුව සිංහලයින් විසින් අල්ලා ගත් පසුව සිංහලයින් ලෙස එහි හිමිකාරිත්වය යටතේ විරාජමාන වන්නට සිතුවද එහි උරුමකරුවෝ යාපනයේ වැසියන්ය.)
  5. යාපනය යනු දකුණ නොවේ. යාපනයට ආවේණික සංස්කෘතික, ආගමිකාංග හා ජන ජීවිතයක් ඇත.)
  6. උතුරේ මිනිසුන් නොදියුණු නැත. (දකුනෙන් ගොස් ප්‍රාසාංගිකව දේවල් පෙන්වීමට හෝ අපේ දේ වඩාත් හොද යැයි කීමට උවමනා නැත.)
  7. දකුණ යනු බටහිර නොවේ (වෙනත් රටක් නොව කුඩා රටක වෙන්ව පැවති කොටසක් පමණි. අවුරුදු 30කට පෙර අතීතයේදී මේ ආකාර සෝබනකාරී හැසිරීම් මේ දෙගොල්ල අතර තිබුනේ නැත.)
  8. ඔවුන් ආරක්ෂා කරන දෙයක් ඇත. (ඔවුන්ගේ සංස්කෘතිය හා ජීවන රටාවන් සිංහලට ඒවාට වඩා වෙනස්ය. ඒ ගැන නොදැන මී හරක් සේ මැදට පැනීම නොහොබී.)

යාපනය ගමන - දීර්ඝ අධ්‍යයනයක පළමු පියවර

ලංකාව‍
සියවස් කිහිපයකට පෙර බටහිර ජාතීන් ද පැමිනීමට පෙර ලංකාව බිද වැටුනු රාජ්‍යයක්ව පැවතිනි. ඒ හා සමගාමීව සියවස් කිහිපයක් බටහිරට යටත්ව තිබුණි. ඉන් අනතුරුව ලංකාවේ එම ගැටළු එසේම වැඩි කර 1948 දී නිදහස ලැබුණි. ඉන් පසුව ද රට විනාශයටම පත් විය. එම විනාශ වූ රටේ තුවාල වූ සහ නැත්තටම නැතිවූ විෂයයන් කලාප හා ප්‍රදේශ පවතී. අප ලංකාව ගැන ගැඹුරින්, අධ්‍යයනය කරන්නේ නම් එහි ගැඹුරුම හා වේදනාකාරීම තුවාල ගැන සොයා බැලිය යුතු වේ. දේශපාලඥයින් විසින් නිර්මානය කරන ලදුව ඔවුන්ගේම සුබ සෙත හා සාමාන්‍ය මිනිසුන්ගේ මරණය සහ විනාශය සදහා ලංකාවේ නිර්මානය කර ඇති තත්වයකි ජාතීන් අතර වන අසමගිය, හෝ එවන් නම් වලින් හා වෙනත් නම් වලින් හදුන්වන මෙම ගැටළුව.. කොළඹ එහි මර්මස්ථානයක් වනවා සේම යාපනය ද එහි අනෙක් මර්මස්තානයයි. එම නිසා අප යාපනය ගැන කොහොමත් ගැමුරින් අධ්‍යයනය කල යුතු වේ.


සිහිනයක්
කොළඹ හා සමගාමීව හෝ ඊටත් වඩා දියුනු යාපනයක් ගැන සිතන්න. කොලඹ හා තරග කරන යාපනයක් ගැන හිතන්න. මඩකලපුව හා තරග කරන මාතරක් ගැන හිතන්න. ගාල්ල හා තරග කරන වව්නියාවක් හිතන්න. මේ තරගයන් තුල පොදුවේ ගොඩනැගෙන සුන්දර රටක් ගැන සිතන්න. ඒ රට ගැන සිතීමට අප රට ගැන දැනගත යුතුව ඇත.

පැරණි දැනුමේ මුලාව
වැඩිහිටියන් රට ගැන කියන්නේ බොරුවකි. එහෙමත් නැත්නම් නොදන්නා නිසා කරනු ලබන රැවටීමකි. එසේත් නැත්නම් ඔවුන් රැවටී ඇත. ඒ දේවල් වෙනුවට ඇත්තම දේවල් ගැන දැන ගත යුතු වේ. මෙය පහසු කාර්යයක් නොවේ එය ්වට සිය ගණනකින් වන අධයනයකි. විෂයයන් ගණනාවක එකතුවකි.. මිනිසුන් සිය ගණනක බුද්ධිමය අභ්‍යාසයකි. පර්යේෂකයින් ගණනාවක දිගු කාලීන වැඩකි. මේ වැඩේට අදාලව මූලික පදනම් අපට ගොඩ නැගිය හැකි නම්...

ඔවුන්ට යමක් අවශ්‍යද?
මේ පිලිබදව අප බොහෝ විමසිලි සහගතව සිතිය යුතු වේ. ඇත්තටම ඔවුන්ට මොනවා හෝ අවශ්‍යද? එය උදව්වක්ද? එකට වැඩ කිරීමක්ද? ගොඩනැංවීමක්ද? දැනුම හුවමාරැ කරගැනීමක්ද? අප කිසි කෙනෙක් ඒ වෙනුවෙන් මැදිහත් නොවීමක්ද? මේ කාරනා පිලිබදව අප විද්‍යාත්මකව සිතා බැලීම අත්‍යවශ්‍ය වේ. අප හට කිසිවක් කල නොහැකි වුවත් පුද්ගලිකව හා වෙන් වෙන් වශයෙන් මේ ගැන තදබල ලෙස අධ්‍යයනය කිරීමේ උවමනාවකින් අප ඒ දින කිහිපය විය යුතු බව අපේ හැගීමයි.

පූර්ව සූදානමක් හෝ ශාස්ත්‍රීය කතාබහක්
ඒ සදාහ වන පූර්ව කියවීම් හා අදාල පොත් ආදිය අප හට රැගෙන යාහැකි නම්... ඒසේත් නැත්නම් අතීතය පැත්තක තබා අනාගතය ගැන අපට සිතිය හැකි නම්.. එවැනි ගැඹුරු සිහිනයක් අප හට නිර්මානය කරගත හැකි නම් එය මේ ගමනේ එක් සන්ධිස්තානයක් වනු ඇත. දකුනේ මිනිසුන් වශයෙන් අප හට යම් වගකීමක් වේද? එම වගකීම ඉටු කරන්නේ කෙසේද යන්න පිලිබදව වන උපකල්පනයක් හා සිහිනයකින් අප සමන්විත විය යුතු වන්නෙමු.

පරණ භාවිතය
දකුනේ දක්ෂිනාංශික පක්ෂ, වාමාංශික පක්ෂ, සංවිධාන, පුද්ගලියන් උතුර හා හැසිරී ඇති ආකාරය පිලිබදව වන පැහදිලි අදහසක් අප තුල තිබිය යුතු වේ. අප පිරිද්දිය හැකි යැයි සිතා දිටින දේ පිරිද්දිය හැකිද යන්න ගැන ඉතා සංයමයෙන් බැලිය යුතුය. මා යෝජනා කරන්නේ සෑම කෙනෙක්ම යාපනය හා උතුර වෙනුවෙන් වන මහා පරිමාණ වැඩක සිහිනයක් සමග යලි පැමිනිය යුතු බවයි

උතුර වෙනු‍වෙන් අපේ ශක්තිය.
අප කොළඹ හා දකුණ වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්නේ නම් ඊට වඩා කිහිප ගුණයකින් මේ මැරුණු පොලව මත අප අපගේ ශක්තිය මුදාහල යුතු වේ. ඒ කිසි දෙයක් නොබලා සහ නොලබා ය. ලැබිය හැක්කේ නරකක් පමණක් නම් එය ලැබුණාට කමක් නැති පිරිසක් මේ ගැන සිතිය යුතු වේ.

පවත්නා දේශපාලනයට හසු නොවී...
පවත්නා දේශපාලනට මෙහි පිලිතුරු සැපයීමට නොහැකි කරුණු ඇත. එය ඔවුන් විසින්ම නිර්මානය කරගෙන ඇත. මේ පුවාහයට හසු නොවීමේ පුතිශක්තිකරනය අප විිසන් ඇති කරගත යුතුව ඇත.

ඔවුන්ගේම දේවල්  හා කාගෙත් දේවල්
උතුරට ඔවුන්ගේම දේවල් ඇත. ඔවුන්ගේ ම දේවල් සමග ද ඔවුන් ජීවත් විය යුතුමය. දකුණට හා උතුරට ‍පොදු දේවල් ඇත. මේ පොදු දේවල් සමග අප සම්බ්න්ධතාවයන් සකස් කරගත යුතුය. මෙම දකුණට හා උතුරට පොදු දේවල් ගැන සවිඥානිකත්වයක් ලබාගැනීම ද මෙම ගමනේ අරමුණක් විය යුතු වේ.

කුඩා කණ්ඩායමක්ව...
කොලඹ තුල ඉතා සීමිතව හෝ සැරිසරන කණ්ඩායමක් වශයෙන් අප හට ඔවුන් හා කොලඹ අතර ගොඩනැගිය යුතු හා ඔවුන්ට අවශ්‍ය සම්බන්ධතාවය ගැන අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වේ. අවුරුදු 30ක යුද්ධයෙන් පසුව මෙම පළාත් වලට බොහෝ දකුණේ උදවිය ගමන් යයි. නොයෙක් දේවල් කරයි. මූලික වශයෙන්ම අපගේ හැකියාවේ හා ශක්‍යතාවයේ තරමින් අප කල යුත්තේ කුමක්ද යන්න අප හොදින් සිතා බැලිය යුතු වේ. අප කුඩා කන්ඩායමකි.

යාපනය වෙනුවෙන් කාලය වැය කිරීම
යාපනය වෙනුවෙන් වැය කිරීමට ඇති කාලය ද සීමා සහිතය. එම නිසා මූලික වශයෙන් ම මේ පිලිබද ව සිතා බලා යම් ආකාරයක උපක්‍රමික සැලසුමක් අප හට සකස් කරගැනීමට සිදු වනු ඇත. අප යාපනය වෙනුවෙන් තවත් පිරිස් සමග සම්බන්ධතාවයන් පටන් ගත යුතුව ඇත. පිරිස් සංවිදානය කල යුතුව ඇත. ඒ ගැන අප සිතා බැලිය යුතු වේ.

 අපගේ ධාරිතාවය හා හැකියාව
අපගේ මැදිහත්වීමේ තරම හා ධාරිතාවය ගැන අප අනිවාර්ය අවදානය ය‍ොමු කිරීම අවශ්‍ය වේ. කෙ‍ාලඹ හා කොළඹ අවට අප විසින් ගොඩනගමින් සිටින කාර්යයන් හා කාල කළමනාකරනය කරගැනීමත් අප විසින් එහ් ගොස් කරන්නට උත්සාහ කරන දෙයත් අතර වන අවබෝධයක් තිබිය යුතු වේ.

පරතරය හදුනා ගන්න 
මූලික වශයෙන් ම අප හා ඔවුන් අතර වන පරතරය ගැන සිතා බැලිම අත්‍යවශ්‍ය කරුණක්ව පවතී. අප අපගේ කෝණයෙන් හා හැගීම් වලින්  බැලුවද මා සිතන ආකාරයට අප හා ඔවුන් අතර පරතරයක් පවතී.

ජාතික ගැටළුවට...
යුද්ධය දකුණ හා උතුර විසින් නිර්මානය කරන ලද්දකි. ජාතික ගැටළුවට පෙනෙන තෙක් මානයේ විසදුම් නැත. අපට කල හැක්කේ කුමක්ද යන්න පිලිබදව අප සිතා බැලිය යුතු වේ.

ගෝලීය වෙළදපලකරණය
දැන් වේගයෙන් යාපනය හා උතුර ගෝලීය වෙළදපලට හසුවෙමින් තිබෙනු ඇත. මෙය අප ද විරුදුධ කෙසේ හසු කර ගන්නේද? නමුත් මෙම හසුවීම අනිවාර්යය තත්වයකි. මේ තුල අපගේ භූමිකාවක් වේ ද යන්න සිතා බැලිය යුතු තත්වයකි.

දකුණේ ජරාජීර්න දේශපාලන මැදිහත්වීම.....
අනෙක් අතට දකුණේ කුණු ජරාජීර්න හා විනාශකාරී දේශපාලනය උතුරේ බලෙන් වැසි වස්සන්නට පටන් ගනු ඇත. මේ කාරනයේදී අපේ මැදිහත්වීම ගැන අප අවදානය යොමු කල යුතු වේ. යම් හෝ ආධාරක කන්ඩායම් හා සංවිධාන වලද න්‍යාය පත්‍රයන් ඇත. ඒ ගැන ද අවදානය යොමු කිරීම අවශ්‍ය වේ.

දරුවන් හා තරුණයන් ගැන
අනෙක් අතට ගත් විට උතුරේ දරුවන් , ඔවුන්ගේ අධ්‍යාපනය, සංස්කෘතික පැවැත්ම , තරුණයින්, ක්‍රීඩා, විශ්වවිද්‍යාල, සංගම් හා සංවිදාන, කෘෂිකර්මය, වෘත්තීය අධ්‍යාපනය, පිලිබදව ද අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. කුඩා කණ්ඩායසකට මේ සියල්ල කල නොහැකි වුවුත්.. එම දින කිහිපය තුල දී මේ කාරනා ගැන යම් හෝ අවබෝධයක් ලබා ගැනීමට අප හට  සිදු වනු ඇත.

එක් එක් අය සදහා වන පුද්ගලික සැලසුම් සකස් කරගන්න
මේ වන විට අප විසින් යම් යම් විෂයයන් සදහා කැමැත්තේ හෝ දැනීමේ ආකාරයට වෙන් කර ඇත. ඒ තුල සිතන්නට අප හට යෝජනා කිරීමට පුලුවන. පුද්ගලික සැලසුම්කරනයන් එකතුව අප හට පොදු අදහසක් හා යම් රාමුවක් සකස් කරගැනීමට හැකි වේ. අප විසින් සකස් කරගන්නා සැලසුම් වඩාත් ප්‍රායෝගික වන්නේ කෙසේද යන්න හා එහි ඉලක්ක ජයගැනීම සදහා වන ගමන් මග ගැන අවබෝදයක් ද ඇති කරගත යුතු වේ.

මිනිසුන් සමග සම්බන්ධීකරණය
වඩාත් විශ්වාසදායී සම්බ්න්ධතාවයන් ගොඩනැගීම සදහා අතිශයෝක්තිය හා අප්‍රායෝගිකත්වය අත් හැරීමට සිදුවේ. මේ වන විටත් දකුණ වසා ඇති සිහින (දකුණ යනු සිහිනවත් නොවන පෙනෙන ඇසෙන ඩිජිටල් තරංගයන් පමණි.) උතුරට වේගයෙන් යමින් ඇත. අප සිහින වල නියෝජිතයෝ නොවන්නට අතිශය වග බලාගත යුතුය. මූලිකවම මිනිසුන් සමග ගැඹුරු සම්බ්නධතාවයන් ගොඩනගා ගැනිම අප විසින් කල යුතු වේ. ඇරියස් කවර් කරන්නට දෙයක් නැත. අප මේ යන්නේ ඇරියස් කවර් කරන්නට නොවන බව මතක තබා ගැනීම වටී. ලෝකය කඩා වැටෙන්නේ නැත. මිනිසුන් හදුනා ගැනීම අවශ්‍යය. එය යමක මූලිකම අංගයයි.

වැඩසටහන අවසන අපේ නිෂ්පාදන වන්නේ කුමක්ද
  1. අප යාපනය ගැන අවබෝධයක් ලබා තිබිය යුතු වේ
  2. අපේ කන්ඩායමේ හැසිරීම් හා තත්ව ගැන අවබෝධයක් ලබා තිබිය යුතු වේ.
  3. තෝරාගත් විෂයයන් සදහා වන ප්‍රවේශ සිහින පුද්ගලිකව අත්කරගෙන තිබිය යුතු වේ.
  4. මිනිස් හා ආයතන සම්බන්ධතා ගණනාවක් ගොඩනැගී තිබිය යුතු වේ. 
  5. පොදු වැඩසටහනක් පිලිබද අනෙයානය අවබෝධයක් ගොඩනගාගෙන තිබිය යුතු වේ.
  6. ආයතන පුද්ගල ක්‍රියාකාරිත්වය පිලිබද අවබෝධයක් තිබිය යුතු වේ.
  7. යාපනය වෙනුවෙන් වන බ්ලොග් සටහන් හා පුවත් ලිපි ලිවීමක් අවශ්‍ය වේ.
  8. යාපනයේ ඡායාරූප තො‍්රාගත් ප්‍රමාණයක් විෂ්‍යයන් කිහිපයක් හෝ හරහා එලි දැකිය යුතු වේ.
  9. සතිපතා හෝ සන්නිවේදන හෝ වෙනත් ගනුදෙනුවක් ආරම්භ කල හැකි ආකාරයේ සම්බන්ධීකරණ තත්වයක් ගොඩනගා ගෙන තිබිය යුතු වේ.
  10. කොළඹ හා යාපනය සම්බන්ධ කරන යම් රිද්මයක් ගොඩනැගීම සදහා වන  පදනම අප සතුව තිබිය යුතු වේ.
අපට කුඩා හෝ අදහසක් ලබාගැනීමට හැකි ක්ෂේත්‍රයන් , සංවිධාන හා අවස්ථාවන් 
  1. කෘෂිකර්මය
  2. ධීවර කර්මාන්තය
  3. කාර්මික හා කර්මාන්ත ක්ෂේත්‍රය 
  4. අධ්‍යාපනය
  5. වෘත්තීය අධ්‍යාපනය
  6. ළමා ජීවිත
  7. කාන්තා ජීවිත
  8. යුද්ධය නිසා ආබාදිත වූ ජීවිත
  9. වැඩිහිටියන්
  10. සාමාන්‍ය වෙළද ව්‍යාපාර
  11. වෙළද ව්‍යාපාරික අවස්තාවන්
  12. විශ්වවිද්‍යාල  සංස්කෘතිය
  13. ජාතික ගැටළුව විසදීම පිලිබද අදහස
  14. දේශපාලනය දකින ආකාරය
  15. මාධ්‍ය හැසිරීම
  16. මැතිවරණ තත්වයෙහි බලපෑම
  17. සිංහල හින්දු අවුරුද්දෙහි හින්දු කොටස
  18. සංස්කෘතිකාංග හා සාහිත්‍යය කලා කටයුතු 
  19. යලි ගොඩනැගීමෙහි දිශානතිය.
  20. අවතැන් වූවන් හා යලි පදිංචි කරවීම්
  21. ආයතන හා සංවිධාන වල කාර්යභාරය
  22. දකුනේ අය විසින් මේ වන විට සිදු කර ඇති බලපෑම්
සන්නිවේදන කාර්යය තුල අවධානය සදහා
  •  අප විසින් කතා බහ කරන පුද්ගලයින්ගේ හා ආයතන වල නම් සහ විස්තර ඉදිරි සන්නිවේදන හා සම්බ්න්ධීකරණ තත්වයන් සදහා ලබා ගැනීම හා ඒවා එකතු කරගැනීම  
  • අ‍පගේ විස්තර ඇතුලත් යම් කාඩ්පතක් හෝ එවැනි දෙයක් ලබාදීම  (බ්ලොග්, ඊමේල්, ටෙලිපෝන් නම්බර්ස්....)  
  • පසුව අමතක වන බැවින් හා සාමාන්‍යකරනය වන බැවින් එදිනෙදා දේ අවශ්‍යතාවයේ පරිදි සටහන් තබාගැනීමට
    අඩු තරමින් 
    1. සුන්දර ස්ථාන කිහිපයක් නරඔන්න ට යාම  
    2. මුහුදු නෑමක්...  
    3. කයිට්ස් බලා බෝට්ටුවේ (උපුල්ගෙන් අහන්න)  
    4. තවත් අනෙක් අය දන්න තැන් කිහිපයක්...  
    5. මුහුදු වෙරළක හවසක් බීමක්... (සංස්කෘතියේ හා ඉඩකඩ පරිදි)

      Powered by Blogger