Showing posts with label සංස්කෘතිය. Show all posts
Showing posts with label සංස්කෘතිය. Show all posts

ඇරියස් කවර් කිරීමට පෙර....

මෙය වන්දනා වලටත් දැමිය නොහැකි, ක්ෂේත්‍ර චාරිකා වලටත් දැමිය නොහැකි. විනෝද ගමන් වලටත් දැමිය නොහැකි නමුත් එසේ වන සමාජ ව්‍යාධියකි. මාස කිහිපයකින් පසුව මෙය තව මාසයකින් එක හමාරකින් සුව වේ.

මේ ගමන ලංකාවේ ශාන්තිකර්මයකදී ආවේශවෙමින් නැටීමකට සමාන කල හැකිය. මෙහි තේරුමක් නොදැන වුව කරති. යාපනේ යන මේ ගමන ද එසේ එකකි. නමුත් යාපනේ යනු පන්සලක් හෝ පිරිත් වතුර පිරි කලයක් නොව යුද්ධයකින් පසුව දකුණට අනාවරනය වන ගැඹුරු තුවාලයකි. දකුණෙන් යන අය මේ තුවාලයේ නිල මැස්සන් වෙනවාද යන්න ගැන සිතා බැලිය යුතු වේ. නිල මැස්සන්ට තුවාලයේ වසන්නට ඉඩ දෙන නිල වශයෙන්ම වන නිල ඇත්තෝ ද සිටින බවද පැහදිලිය.

මිනිසුන් යාපනයේ කුමකට ගියත්... යාපනයේ නොවන අය විසින් සිතා බැලිය යුතු කරණා කිහිපයක් ඇත.

  1. යාපන නගරයකි (කුරුණෑගල, කොළඹ සේම මහනුවර සේම නගරයකි)
  2. යාපනය මිනිසුන් ජීවත් වන (මිනිසුන් යනු අපි වැනිම සිතන සිතෙන, දේවල් දැනෙන පිරිසකි) කලාපයකි.
  3. යාපනය සත්තු වත්ත්ක් නොව සමාජයකි (ඇතම් කාරණා වලින් දකුණට වඩා ඉදිරියෙන් සිටින)
  4. යාපනය දකුණේ වස්තුවක් නොවේ. (යුද්ධයෙන් පසුව සිංහලයින් විසින් අල්ලා ගත් පසුව සිංහලයින් ලෙස එහි හිමිකාරිත්වය යටතේ විරාජමාන වන්නට සිතුවද එහි උරුමකරුවෝ යාපනයේ වැසියන්ය.)
  5. යාපනය යනු දකුණ නොවේ. යාපනයට ආවේණික සංස්කෘතික, ආගමිකාංග හා ජන ජීවිතයක් ඇත.)
  6. උතුරේ මිනිසුන් නොදියුණු නැත. (දකුනෙන් ගොස් ප්‍රාසාංගිකව දේවල් පෙන්වීමට හෝ අපේ දේ වඩාත් හොද යැයි කීමට උවමනා නැත.)
  7. දකුණ යනු බටහිර නොවේ (වෙනත් රටක් නොව කුඩා රටක වෙන්ව පැවති කොටසක් පමණි. අවුරුදු 30කට පෙර අතීතයේදී මේ ආකාර සෝබනකාරී හැසිරීම් මේ දෙගොල්ල අතර තිබුනේ නැත.)
  8. ඔවුන් ආරක්ෂා කරන දෙයක් ඇත. (ඔවුන්ගේ සංස්කෘතිය හා ජීවන රටාවන් සිංහලට ඒවාට වඩා වෙනස්ය. ඒ ගැන නොදැන මී හරක් සේ මැදට පැනීම නොහොබී.)

යාපනය ගමන - දීර්ඝ අධ්‍යයනයක පළමු පියවර

ලංකාව‍
සියවස් කිහිපයකට පෙර බටහිර ජාතීන් ද පැමිනීමට පෙර ලංකාව බිද වැටුනු රාජ්‍යයක්ව පැවතිනි. ඒ හා සමගාමීව සියවස් කිහිපයක් බටහිරට යටත්ව තිබුණි. ඉන් අනතුරුව ලංකාවේ එම ගැටළු එසේම වැඩි කර 1948 දී නිදහස ලැබුණි. ඉන් පසුව ද රට විනාශයටම පත් විය. එම විනාශ වූ රටේ තුවාල වූ සහ නැත්තටම නැතිවූ විෂයයන් කලාප හා ප්‍රදේශ පවතී. අප ලංකාව ගැන ගැඹුරින්, අධ්‍යයනය කරන්නේ නම් එහි ගැඹුරුම හා වේදනාකාරීම තුවාල ගැන සොයා බැලිය යුතු වේ. දේශපාලඥයින් විසින් නිර්මානය කරන ලදුව ඔවුන්ගේම සුබ සෙත හා සාමාන්‍ය මිනිසුන්ගේ මරණය සහ විනාශය සදහා ලංකාවේ නිර්මානය කර ඇති තත්වයකි ජාතීන් අතර වන අසමගිය, හෝ එවන් නම් වලින් හා වෙනත් නම් වලින් හදුන්වන මෙම ගැටළුව.. කොළඹ එහි මර්මස්ථානයක් වනවා සේම යාපනය ද එහි අනෙක් මර්මස්තානයයි. එම නිසා අප යාපනය ගැන කොහොමත් ගැමුරින් අධ්‍යයනය කල යුතු වේ.


සිහිනයක්
කොළඹ හා සමගාමීව හෝ ඊටත් වඩා දියුනු යාපනයක් ගැන සිතන්න. කොලඹ හා තරග කරන යාපනයක් ගැන හිතන්න. මඩකලපුව හා තරග කරන මාතරක් ගැන හිතන්න. ගාල්ල හා තරග කරන වව්නියාවක් හිතන්න. මේ තරගයන් තුල පොදුවේ ගොඩනැගෙන සුන්දර රටක් ගැන සිතන්න. ඒ රට ගැන සිතීමට අප රට ගැන දැනගත යුතුව ඇත.

පැරණි දැනුමේ මුලාව
වැඩිහිටියන් රට ගැන කියන්නේ බොරුවකි. එහෙමත් නැත්නම් නොදන්නා නිසා කරනු ලබන රැවටීමකි. එසේත් නැත්නම් ඔවුන් රැවටී ඇත. ඒ දේවල් වෙනුවට ඇත්තම දේවල් ගැන දැන ගත යුතු වේ. මෙය පහසු කාර්යයක් නොවේ එය ්වට සිය ගණනකින් වන අධයනයකි. විෂයයන් ගණනාවක එකතුවකි.. මිනිසුන් සිය ගණනක බුද්ධිමය අභ්‍යාසයකි. පර්යේෂකයින් ගණනාවක දිගු කාලීන වැඩකි. මේ වැඩේට අදාලව මූලික පදනම් අපට ගොඩ නැගිය හැකි නම්...

ඔවුන්ට යමක් අවශ්‍යද?
මේ පිලිබදව අප බොහෝ විමසිලි සහගතව සිතිය යුතු වේ. ඇත්තටම ඔවුන්ට මොනවා හෝ අවශ්‍යද? එය උදව්වක්ද? එකට වැඩ කිරීමක්ද? ගොඩනැංවීමක්ද? දැනුම හුවමාරැ කරගැනීමක්ද? අප කිසි කෙනෙක් ඒ වෙනුවෙන් මැදිහත් නොවීමක්ද? මේ කාරනා පිලිබදව අප විද්‍යාත්මකව සිතා බැලීම අත්‍යවශ්‍ය වේ. අප හට කිසිවක් කල නොහැකි වුවත් පුද්ගලිකව හා වෙන් වෙන් වශයෙන් මේ ගැන තදබල ලෙස අධ්‍යයනය කිරීමේ උවමනාවකින් අප ඒ දින කිහිපය විය යුතු බව අපේ හැගීමයි.

පූර්ව සූදානමක් හෝ ශාස්ත්‍රීය කතාබහක්
ඒ සදාහ වන පූර්ව කියවීම් හා අදාල පොත් ආදිය අප හට රැගෙන යාහැකි නම්... ඒසේත් නැත්නම් අතීතය පැත්තක තබා අනාගතය ගැන අපට සිතිය හැකි නම්.. එවැනි ගැඹුරු සිහිනයක් අප හට නිර්මානය කරගත හැකි නම් එය මේ ගමනේ එක් සන්ධිස්තානයක් වනු ඇත. දකුනේ මිනිසුන් වශයෙන් අප හට යම් වගකීමක් වේද? එම වගකීම ඉටු කරන්නේ කෙසේද යන්න පිලිබදව වන උපකල්පනයක් හා සිහිනයකින් අප සමන්විත විය යුතු වන්නෙමු.

පරණ භාවිතය
දකුනේ දක්ෂිනාංශික පක්ෂ, වාමාංශික පක්ෂ, සංවිධාන, පුද්ගලියන් උතුර හා හැසිරී ඇති ආකාරය පිලිබදව වන පැහදිලි අදහසක් අප තුල තිබිය යුතු වේ. අප පිරිද්දිය හැකි යැයි සිතා දිටින දේ පිරිද්දිය හැකිද යන්න ගැන ඉතා සංයමයෙන් බැලිය යුතුය. මා යෝජනා කරන්නේ සෑම කෙනෙක්ම යාපනය හා උතුර වෙනුවෙන් වන මහා පරිමාණ වැඩක සිහිනයක් සමග යලි පැමිනිය යුතු බවයි

උතුර වෙනු‍වෙන් අපේ ශක්තිය.
අප කොළඹ හා දකුණ වෙනුවෙන් යම් කැපකිරීමක් කරන්නේ නම් ඊට වඩා කිහිප ගුණයකින් මේ මැරුණු පොලව මත අප අපගේ ශක්තිය මුදාහල යුතු වේ. ඒ කිසි දෙයක් නොබලා සහ නොලබා ය. ලැබිය හැක්කේ නරකක් පමණක් නම් එය ලැබුණාට කමක් නැති පිරිසක් මේ ගැන සිතිය යුතු වේ.

පවත්නා දේශපාලනයට හසු නොවී...
පවත්නා දේශපාලනට මෙහි පිලිතුරු සැපයීමට නොහැකි කරුණු ඇත. එය ඔවුන් විසින්ම නිර්මානය කරගෙන ඇත. මේ පුවාහයට හසු නොවීමේ පුතිශක්තිකරනය අප විිසන් ඇති කරගත යුතුව ඇත.

ඔවුන්ගේම දේවල්  හා කාගෙත් දේවල්
උතුරට ඔවුන්ගේම දේවල් ඇත. ඔවුන්ගේ ම දේවල් සමග ද ඔවුන් ජීවත් විය යුතුමය. දකුණට හා උතුරට ‍පොදු දේවල් ඇත. මේ පොදු දේවල් සමග අප සම්බ්න්ධතාවයන් සකස් කරගත යුතුය. මෙම දකුණට හා උතුරට පොදු දේවල් ගැන සවිඥානිකත්වයක් ලබාගැනීම ද මෙම ගමනේ අරමුණක් විය යුතු වේ.

කුඩා කණ්ඩායමක්ව...
කොලඹ තුල ඉතා සීමිතව හෝ සැරිසරන කණ්ඩායමක් වශයෙන් අප හට ඔවුන් හා කොලඹ අතර ගොඩනැගිය යුතු හා ඔවුන්ට අවශ්‍ය සම්බන්ධතාවය ගැන අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වේ. අවුරුදු 30ක යුද්ධයෙන් පසුව මෙම පළාත් වලට බොහෝ දකුණේ උදවිය ගමන් යයි. නොයෙක් දේවල් කරයි. මූලික වශයෙන්ම අපගේ හැකියාවේ හා ශක්‍යතාවයේ තරමින් අප කල යුත්තේ කුමක්ද යන්න අප හොදින් සිතා බැලිය යුතු වේ. අප කුඩා කන්ඩායමකි.

යාපනය වෙනුවෙන් කාලය වැය කිරීම
යාපනය වෙනුවෙන් වැය කිරීමට ඇති කාලය ද සීමා සහිතය. එම නිසා මූලික වශයෙන් ම මේ පිලිබද ව සිතා බලා යම් ආකාරයක උපක්‍රමික සැලසුමක් අප හට සකස් කරගැනීමට සිදු වනු ඇත. අප යාපනය වෙනුවෙන් තවත් පිරිස් සමග සම්බන්ධතාවයන් පටන් ගත යුතුව ඇත. පිරිස් සංවිදානය කල යුතුව ඇත. ඒ ගැන අප සිතා බැලිය යුතු වේ.

 අපගේ ධාරිතාවය හා හැකියාව
අපගේ මැදිහත්වීමේ තරම හා ධාරිතාවය ගැන අප අනිවාර්ය අවදානය ය‍ොමු කිරීම අවශ්‍ය වේ. කෙ‍ාලඹ හා කොළඹ අවට අප විසින් ගොඩනගමින් සිටින කාර්යයන් හා කාල කළමනාකරනය කරගැනීමත් අප විසින් එහ් ගොස් කරන්නට උත්සාහ කරන දෙයත් අතර වන අවබෝධයක් තිබිය යුතු වේ.

පරතරය හදුනා ගන්න 
මූලික වශයෙන් ම අප හා ඔවුන් අතර වන පරතරය ගැන සිතා බැලිම අත්‍යවශ්‍ය කරුණක්ව පවතී. අප අපගේ කෝණයෙන් හා හැගීම් වලින්  බැලුවද මා සිතන ආකාරයට අප හා ඔවුන් අතර පරතරයක් පවතී.

ජාතික ගැටළුවට...
යුද්ධය දකුණ හා උතුර විසින් නිර්මානය කරන ලද්දකි. ජාතික ගැටළුවට පෙනෙන තෙක් මානයේ විසදුම් නැත. අපට කල හැක්කේ කුමක්ද යන්න පිලිබදව අප සිතා බැලිය යුතු වේ.

ගෝලීය වෙළදපලකරණය
දැන් වේගයෙන් යාපනය හා උතුර ගෝලීය වෙළදපලට හසුවෙමින් තිබෙනු ඇත. මෙය අප ද විරුදුධ කෙසේ හසු කර ගන්නේද? නමුත් මෙම හසුවීම අනිවාර්යය තත්වයකි. මේ තුල අපගේ භූමිකාවක් වේ ද යන්න සිතා බැලිය යුතු තත්වයකි.

දකුණේ ජරාජීර්න දේශපාලන මැදිහත්වීම.....
අනෙක් අතට දකුණේ කුණු ජරාජීර්න හා විනාශකාරී දේශපාලනය උතුරේ බලෙන් වැසි වස්සන්නට පටන් ගනු ඇත. මේ කාරනයේදී අපේ මැදිහත්වීම ගැන අප අවදානය යොමු කල යුතු වේ. යම් හෝ ආධාරක කන්ඩායම් හා සංවිධාන වලද න්‍යාය පත්‍රයන් ඇත. ඒ ගැන ද අවදානය යොමු කිරීම අවශ්‍ය වේ.

දරුවන් හා තරුණයන් ගැන
අනෙක් අතට ගත් විට උතුරේ දරුවන් , ඔවුන්ගේ අධ්‍යාපනය, සංස්කෘතික පැවැත්ම , තරුණයින්, ක්‍රීඩා, විශ්වවිද්‍යාල, සංගම් හා සංවිදාන, කෘෂිකර්මය, වෘත්තීය අධ්‍යාපනය, පිලිබදව ද අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. කුඩා කණ්ඩායසකට මේ සියල්ල කල නොහැකි වුවුත්.. එම දින කිහිපය තුල දී මේ කාරනා ගැන යම් හෝ අවබෝධයක් ලබා ගැනීමට අප හට  සිදු වනු ඇත.

එක් එක් අය සදහා වන පුද්ගලික සැලසුම් සකස් කරගන්න
මේ වන විට අප විසින් යම් යම් විෂයයන් සදහා කැමැත්තේ හෝ දැනීමේ ආකාරයට වෙන් කර ඇත. ඒ තුල සිතන්නට අප හට යෝජනා කිරීමට පුලුවන. පුද්ගලික සැලසුම්කරනයන් එකතුව අප හට පොදු අදහසක් හා යම් රාමුවක් සකස් කරගැනීමට හැකි වේ. අප විසින් සකස් කරගන්නා සැලසුම් වඩාත් ප්‍රායෝගික වන්නේ කෙසේද යන්න හා එහි ඉලක්ක ජයගැනීම සදහා වන ගමන් මග ගැන අවබෝදයක් ද ඇති කරගත යුතු වේ.

මිනිසුන් සමග සම්බන්ධීකරණය
වඩාත් විශ්වාසදායී සම්බ්න්ධතාවයන් ගොඩනැගීම සදහා අතිශයෝක්තිය හා අප්‍රායෝගිකත්වය අත් හැරීමට සිදුවේ. මේ වන විටත් දකුණ වසා ඇති සිහින (දකුණ යනු සිහිනවත් නොවන පෙනෙන ඇසෙන ඩිජිටල් තරංගයන් පමණි.) උතුරට වේගයෙන් යමින් ඇත. අප සිහින වල නියෝජිතයෝ නොවන්නට අතිශය වග බලාගත යුතුය. මූලිකවම මිනිසුන් සමග ගැඹුරු සම්බ්නධතාවයන් ගොඩනගා ගැනිම අප විසින් කල යුතු වේ. ඇරියස් කවර් කරන්නට දෙයක් නැත. අප මේ යන්නේ ඇරියස් කවර් කරන්නට නොවන බව මතක තබා ගැනීම වටී. ලෝකය කඩා වැටෙන්නේ නැත. මිනිසුන් හදුනා ගැනීම අවශ්‍යය. එය යමක මූලිකම අංගයයි.

වැඩසටහන අවසන අපේ නිෂ්පාදන වන්නේ කුමක්ද
  1. අප යාපනය ගැන අවබෝධයක් ලබා තිබිය යුතු වේ
  2. අපේ කන්ඩායමේ හැසිරීම් හා තත්ව ගැන අවබෝධයක් ලබා තිබිය යුතු වේ.
  3. තෝරාගත් විෂයයන් සදහා වන ප්‍රවේශ සිහින පුද්ගලිකව අත්කරගෙන තිබිය යුතු වේ.
  4. මිනිස් හා ආයතන සම්බන්ධතා ගණනාවක් ගොඩනැගී තිබිය යුතු වේ. 
  5. පොදු වැඩසටහනක් පිලිබද අනෙයානය අවබෝධයක් ගොඩනගාගෙන තිබිය යුතු වේ.
  6. ආයතන පුද්ගල ක්‍රියාකාරිත්වය පිලිබද අවබෝධයක් තිබිය යුතු වේ.
  7. යාපනය වෙනුවෙන් වන බ්ලොග් සටහන් හා පුවත් ලිපි ලිවීමක් අවශ්‍ය වේ.
  8. යාපනයේ ඡායාරූප තො‍්රාගත් ප්‍රමාණයක් විෂ්‍යයන් කිහිපයක් හෝ හරහා එලි දැකිය යුතු වේ.
  9. සතිපතා හෝ සන්නිවේදන හෝ වෙනත් ගනුදෙනුවක් ආරම්භ කල හැකි ආකාරයේ සම්බන්ධීකරණ තත්වයක් ගොඩනගා ගෙන තිබිය යුතු වේ.
  10. කොළඹ හා යාපනය සම්බන්ධ කරන යම් රිද්මයක් ගොඩනැගීම සදහා වන  පදනම අප සතුව තිබිය යුතු වේ.
අපට කුඩා හෝ අදහසක් ලබාගැනීමට හැකි ක්ෂේත්‍රයන් , සංවිධාන හා අවස්ථාවන් 
  1. කෘෂිකර්මය
  2. ධීවර කර්මාන්තය
  3. කාර්මික හා කර්මාන්ත ක්ෂේත්‍රය 
  4. අධ්‍යාපනය
  5. වෘත්තීය අධ්‍යාපනය
  6. ළමා ජීවිත
  7. කාන්තා ජීවිත
  8. යුද්ධය නිසා ආබාදිත වූ ජීවිත
  9. වැඩිහිටියන්
  10. සාමාන්‍ය වෙළද ව්‍යාපාර
  11. වෙළද ව්‍යාපාරික අවස්තාවන්
  12. විශ්වවිද්‍යාල  සංස්කෘතිය
  13. ජාතික ගැටළුව විසදීම පිලිබද අදහස
  14. දේශපාලනය දකින ආකාරය
  15. මාධ්‍ය හැසිරීම
  16. මැතිවරණ තත්වයෙහි බලපෑම
  17. සිංහල හින්දු අවුරුද්දෙහි හින්දු කොටස
  18. සංස්කෘතිකාංග හා සාහිත්‍යය කලා කටයුතු 
  19. යලි ගොඩනැගීමෙහි දිශානතිය.
  20. අවතැන් වූවන් හා යලි පදිංචි කරවීම්
  21. ආයතන හා සංවිධාන වල කාර්යභාරය
  22. දකුනේ අය විසින් මේ වන විට සිදු කර ඇති බලපෑම්
සන්නිවේදන කාර්යය තුල අවධානය සදහා
  •  අප විසින් කතා බහ කරන පුද්ගලයින්ගේ හා ආයතන වල නම් සහ විස්තර ඉදිරි සන්නිවේදන හා සම්බ්න්ධීකරණ තත්වයන් සදහා ලබා ගැනීම හා ඒවා එකතු කරගැනීම  
  • අ‍පගේ විස්තර ඇතුලත් යම් කාඩ්පතක් හෝ එවැනි දෙයක් ලබාදීම  (බ්ලොග්, ඊමේල්, ටෙලිපෝන් නම්බර්ස්....)  
  • පසුව අමතක වන බැවින් හා සාමාන්‍යකරනය වන බැවින් එදිනෙදා දේ අවශ්‍යතාවයේ පරිදි සටහන් තබාගැනීමට
    අඩු තරමින් 
    1. සුන්දර ස්ථාන කිහිපයක් නරඔන්න ට යාම  
    2. මුහුදු නෑමක්...  
    3. කයිට්ස් බලා බෝට්ටුවේ (උපුල්ගෙන් අහන්න)  
    4. තවත් අනෙක් අය දන්න තැන් කිහිපයක්...  
    5. මුහුදු වෙරළක හවසක් බීමක්... (සංස්කෘතියේ හා ඉඩකඩ පරිදි)

      Powered by Blogger