Showing posts with label සංවිධාන. Show all posts
Showing posts with label සංවිධාන. Show all posts

ඔබ සාරවත් මිනිසුන්ගේ කුලයට අයත් කෙනෙක් ද ?

අපි කොයි කාල අවකාශයේ සැරිසැරුවත් සාරවත් බිම් හොයාගන්න අසීරුයි. සාරවත් මිනිසුන් හොයාගන්න අසීරුයි. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා වටිනා බිම් රැකගන්න. ගැඹුරු  මිනිසුන්ගේ  කතිකාවනට ගොඩවෙන්න. පුදගලික මම වෙනුවට සමාජයීය මම අනෙකා තුල නිර්මාණය කරන්නට මගේ භාවිතය තුලින් අනෙකාට බලපෑම් කරන්න. මම වෙනස් වෙමින් අනෙකාව වෙනස් කරන්න.මගේ දියවීම අනෙකාව පිරවීමක් කරන්න.
    
දැන් මේ වියමනට එකගනම් අක්ෂය නැමති ඒ සාරවත් බිම, අවකාශය, ඉඩ කඩ  පිළිබඳව අපි මීට වඩා හිතන්න ඕනි. අක්ෂය තුල සිදුකරන විවිධ ක්‍රියාකාරකම් හරහා වඩා හොඳ ලෝකයක් වෙනුවෙන් ගොඩනගන ක්‍රියාදාමය ගැන මීට වඩා සංවේදී වෙන්න ඕනි. මම වෙනුවට අපි ගැන හිතන උන්ට ආදරය කරන්න ඕනි. උන්ට ශක්තිය වඩ වඩා සපයන්න ඕනි. ඒ වගේම කුප්පියාවත්තේ පන්සල ලග center එකක් පවත්වාගෙන යමින් මේ වගේ ක්‍රියාදාමයක් සිද්ද කරන්න ලොකු වියදමක් දරන්න වෙනවා සහ ලොකු ශ්‍රමයක් වගුරන්න වෙනවා කියන යථාර්තයත් අපි පිළිගන්න ඕනි . බාරගන්න ඕනි.

ආදරණිය සහෝ,
අක්ෂයට ආදරය කරන අය, අක්ෂය හා එකතුවෙලා ජිවිත වලට අර්ථයන් එකතු කරගන්න අය, අක්ෂය පෝෂණය කලයුතුයි කියල විශ්වාස කරනවා. රටක මිනිස් ජිවිත සිනහවෙන් පුරවන්නට, අසීරු මුත් නිවැරදී මාවත තෝරාගත් අක්ෂයට හුස්ම දෙන්න පුළුවන් සාරවත් මිනිස්සුන්ට විතරයි. 

කියන්න,
ඔබ සාරවත් මිනිසුන්ගේ  කුලයට අයත් කෙනෙක් ද ?

ලංකා දේශපාලනයේ අවකාශ භාවිතයේ වාමාංශික හා විකල්පමය ස්වභාවය


දැන් නම් නියම අවස්තාවක් තියෙනවා කියා නොකියන අවස්තාවක් වාමාංශිකයින්ගේ ඇත. දේශපාලනික යමක් සිදු කිරීමේදී තමන්ගේ නොහැකියාව වසා ගැනීම හා අවස්තාවාදීව ප්‍රවිශ්ඨ වීම සදහා ලංකා දේශපාලනය තුල මෙම වචන කොතරම් නම් පාවිච්චි කරන්න ඇත්ද? මෙය බිදී ඇවිත් තියෙන්නේ දේශපාලනකය කිරීම සදහා වන විෂයික තත්ව මෝරන විට එය දේශපාලන ගමන් මගතට යහපත්ව භාවිතා කල හැ කි බව කියන මාක්ස්වාදී දාර්ශනික විග්‍රහයෙන් බව හැගේ.
       නමුත් වන සූදානම දේශපාලනික කන්ඩායම් හා සංවිධාන තුල තිබේද යන්න වෙසෙසින්ම සොයා බැලිය යුතුය. එය බොහෝ විට එසේ නොවේ. මෙය සාමානයයෙන් තනිව දැනීම හා පොදුවේ දැනීම යනුවෙන් කාරනා දෙකකි. තනිව දැනීම යනු තම මතවාදය තුල දැනීමයි. පොදුවේ දැනීම යනු සමාජීයව දැනීමයි. තම මතවාදයන් හා දර්ශනයන්  ඛණ්ඩනය කරමින් එකක් විය යුතු යැයි අවස්ථාව භාවිතා කරල යුතු යැයි බාහිරින් ප්‍රකාශ කල එය අත්‍යන්තයෙන් සිදුවන අවස්තාවන් කීයක් හෝ පැමිණ නැත. කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තබාගෙන පැමිණ ආඩි 7 දෙනාගේ කැද හැලි සකස් කල හැකිය. ඉන් වැඩක් වන්නේ නැත.
     දැන් නැවත අවකාශයක් නිර්මානය වෙමින් තිබේ. යුද්ධයෙන් පසුව ආණ්ඩුවට මුදල් නැතිවීම තුල ජනතාව වෙහෙසට පත්ව ආණ්ඩුව විවේචනය කිරීමේ අවස්තාවයි. මෙම අවස්තාව හිමි වන්නේ කාටද? නැවත වතාවක් ප්රශ්න කරමි. මෙම අවස්තාව හිමි වන්නේ කාටද? ප්රශ්න කිරීමේ අවස්තාව හිමි වන්නේ සාමානය ජනතාවටය.
     
සාමානය ජනතාවට හිමි එපාවීම හා කලකිරීම හා උද්වේගය භාවිතා කල හැකි ආකාරයේ සුදුසුකම් ඇති වාමාංශික සංවිධානයක්, හැඩයක් හෝ විකල්ප සංවිදානයක් හැඩයක් පෙන්වා දියව්... නැත. නිසාය මේ ගොඩනැංවීමට කරන උත්සාහය.. ඉතා හොද පිලිතුරකි. නමුත් වචන එලියට පැන්නාට වැඩක් නැත.  වන්නේ ලංකා සමාජයේ වාමාංශික හා විකල්ප දේශපාලනික භාවිතයන් හැම විටම බලාපොරොත්තුව සිටින්නේ අවකාශ භාවිතය සදහාය. 30 ගණන් වල සිට මේ දක්වා ලංකා දේශපාලනයේ මේ අවකාශයන් මතුවීම සාමාන්‍ය ස්වභාවයක්ව පැවතුනි. මේ අවස්ථාවන් හදුනා ගනිමින් හිදැස් හෝ අවකාශයන් සදහා යම් දේශපාලනික භාවිතයන් බැස්සවීමේ සිහිනයෙන් 2010 අපිදු පෙලෙන්නෙමු.
      පොදු වාමාංශික හා වික්ලප එකතුවක් පෙරමුණක් ආදී වශයෙන් වන සිහින දශක ගනනක් දැක ඇතත් එය සිදු නොවීමේ හෝ බාගෙට සිදුවී එහි පුතිඵල දක්ෂිණාංශිකයින් හෝ සාමාන්යයන් ලබාගත් අවස්ථා ගණන එකක් නොවේ. මෙය බොහෝ විට ලබාගත් දෙයක් බව නොවෙ ලබා දුන්නක් බවට පත්ව ඇත. එහි ස්වාභාවය කොතෙක් යත් එය අනිවාර්ය කාරනයක් ලෙස සමාජය තුල පෙරලීමකදී පෙනී යයි. මේ අයුරින් බලන විට ලංකාවේ විකල්ප හා වාමාංශිකයින් සිදු කර ඇත්තේ පෙරලීමක් වෙනුවෙන් උදව් කිරීමක් පමණි. පැරණි වාමාංශික භාවිතයන් වල යම් ගොඩනැගීම් තිබුනද විකල්ප හා රාජ්‍ය නොවන සංවිධාන ධාරාවේ සහ වෙනත් සංවිධාන වල මේ ගොඩනැගීම් දැකිය නොහැකි විය. ගොඩනැගීම් ඇති කරන ලද සංවිධාන සිය ගොඩනැංවීම් සමස්ථය පවුල්ගත කර ගන්නා ලදී.

මතු සම්බන්ධයි...

Powered by Blogger