දෛනික වස්තුව..

බ්ලුමැන්ඩල් කුණු කන්ද යටත්  මල් පිපෙනවා
ලස්සන මල් පිපෙනවා
අබ සොයාන කිසාගෝතමී
පාරෙ සරනවා
කිසාගොතමිලා
පාරෙ සරනවා
ගංවතුරට ගහගෙන යන අපි
ගිනි අව්වෙත් පිච්චි පිච්චි
කදෝපැනි එලි වියන යට
සිහින තාරකා පෙලහරකට
ගොඩවෙන්නට
දිලිසෙන්නට
පෙරුම් පුරනවා
 
ඉතිහාසය ප්‍රොඩ කටහඩින්
විද්යුතයේ මාර්කට් වෙනවා
අසපුවේ දොර හෙමිහෙමිහිට
දාහේ පටි වලින් අරිනකොට
දහම් දීපය තොල් මතුරනරට
හැමදාමත් ප්‍රශස්ති ගී
පටාචාරා පිළිකන්නට වැද සුසුම් හෙළනවා
කඳුළු සලනවා
 
දේශප්‍රේමි ප්‍රාඩෝ රථ පෙළ
විදුලි වේගයෙන් ඉගිලෙනවා
දේශප්‍රේමි අපි බස් රථයේ
තනිකකුලෙන් මිරිකෙන කොට
 දහම් දීපය තොල් මතුරනරට
හැමදාමත් ප්‍රශස්ති ගී
සසර කෙටි අපි නිර්වානෙට පිං අයදිනවා 
පිං පුරවනවා .
(වාස්)

නිනව්ව (ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න.)

මේ රට වැටිල තියෙන ප‍්‍රපාතය දක්වන සහතික පත‍්‍රයක් හැටියට අයවැය ප‍්‍රකාශය සලකන්න පුළුවන්. 1948 ලබපු දේශපාලන නිදහස දැන් නිහඩවම ආර්ථික බැමිවලින් යට වෙලා ගිහින්. දැන් අපි ලෝක බලවතුන්ගේ හිරකාරයෝ බවට පත්වෙලා. 1977 දී එක්සත් ජාතික පක්‍ෂය විවෘත ආර්ථික ප‍්‍රතිපත්ති තුළින් මේ රටට බහුජාතික සමාගම්වල පාලනයට යට වෙන ගමනට මුල්ගල් තිබ්බා. ඒත් ජේ.ආර්.ගේ මේ වැඩපිළිවෙලට විරුද්ධව කම්කරුවන්ගෙන් සටන ආරම්භ වුණා. 1980 වැඩවර්ජනයෙන් එළිදැක්වුණේ ඒ විරෝධය බව හොඳට කල්පනා කළොත් පෙනෙනවා. ඒ විදියට මේ වහල්භාවයේ ගමනට විරුදධත්වය නිර්ධනීන්ගෙන් ආරම්භ වුණා. එයින් පස්සේ දකුණේ මෙන්ම උතුරේ තරුණයොත් කැරලි ගහන්න පටන් ගත්තා. ඒ අය මොන සටන්පාඨ යටතේ කැරලි ගැහුවත් ඇත්තටම එය ගොඩනැගෙන ආර්ථික සමාජ විනාශයට විරුද්ධව කරපු සටන් හැටියට ඉතිහාස ගත වෙනවා. මේ සටන් නිසා බහුජාතික බූවල්ලාගේ ගමන අවුල් වුණා. එයට ඒ සටන් තුළින් අභියෝග මතුවුණා. ජේ.ආර්. දේශපාලන මාවතෙන් පහුබැහැල බලය බෙදාදීම ගැන කථා කරල තමයි මේවට මුහුණ දුන්නේ. කොහොමටත් ඔහුගේ ගමන මේ සටන නිසා බාල වුණා. රනිල් වික‍්‍රමසිංහ බලයට ආපු ගමන් විවෘත ආර්ථික ක‍්‍රමය ඉදිරියට ගෙනෙමින් ආර්ථික වහල්කම ඇති කරගැනීමේ සිහිනයක් ඇති කළා. උන්නැහේ "යළි පුබුදමු" කියල හඳුන්වලා දුන්න වැඩපිළිවෙල තුළ තිබුණේ ගෝලීය බලවතුන්ගේ වැඩපිළිවෙල දියත් කරන ක‍්‍රමයයි. දෙමළ තරුණ කැරැල්ල නිසා මේවා යට කරල දමන්න ඔහුටත් සිදු වුණා.

මේ විදියට තිස් අවුරුද්දකටත් වඩා කල් දමාගත් වැඩපිළිවෙල බොහොම කෙළින් ඉදිරියට දමා ගත් අවස්ථාව හැටියට මේ අයවැය හඳුන්වල දෙන්න පුළුවන්. මහින්ද රජය තමන් යුද්ධය තුළින් ලබාගත් හයිය ධනපති රාජ්‍යය තහවුරු කරගැනීමට හොඳට යොදා ගත්තා. පසුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණ මේ ධනපති රාජ්‍යය හැඳූින්වූයේ ගොඩනැගී එන ජාතික රාජ්‍යයක් හැටියට. එය තහවුරු කරගැනීම ප‍්‍රගතිශීලි වැඩක් හැටියටත් උන්නැහේලා තේරුම් කළා. ලෝක බලවතුන් මෙය දුර්වල කිරීමට හදන නිසා එය ශක්තිමත් කළ යුතු බවට තර්ක කළා. ඒත් දැන් සිදු වී ඇත්තේ අපි පෙන්වලා දුන්න විදියටම යුද්ධයෙන්, ජාතිවාදයෙන් ශක්තිමත් කරගත් මේ ඊනියා දේශපේ‍්‍රමී රාජ්‍යය මුළු රටටත්, ජනතාවටත් වහල්භාවය ඇති කිරීමේ ප‍්‍රධාන උපකරණය හැටියට ගෝලීය බලවතුන්ම යොදා ගැනීමයි. ඒ අය දැන් කියන්නේ රජයේ සංවර්ධනය තහවුරු වීම පදනම් කරගෙන බරපතල ආර්ථික වැඩපිළිවෙලක් ඉෂ්ඨ කරන හැටියටයි. ඊට අමතරව ආර්ථික කටයුතුවලදී ලාභය ලබාගැනීමට මිස ජනතාවට සහන සැලසීමට යොමු නොවිය යුතු බවත් මොවුන් අවධාරණය කරනවා. මේ විදියට දරුණු මර්ධනයක් කරමින් රට ගෙනියන්නටයි සැලසුම් දමන්නේ. ඒ අතරම ධනපතින්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදීව වෙළෙඳපොලට හවුල්වීම සඳහා නිදහස තිබිය යුතු බවත් කියනවා. මානව අයිතීන් ගැන බල කිරීම එන්නේ ඒ පැත්තෙන්. යුද අපරාධ ගැන කථා කරන්නේම ධනපති සමාජය තුළ සමතුලිතභාවය ඇති කරන්නටයි. විශේෂයෙන්ම දෙමළ මුස්ලිම් ධනපතියන්ගේ උදව් ලබාගෙන පාලනය හා ආර්ථිකය ගෙන ගිය යුතු බවත් ඔවුන් අවධාරණය කරනවා. මේ අනුව බැලූවහම මේ පාලකයෝ අද ගිරයට අහු වුණ පුවක් ගෙඩියක තත්ත්වයටයි ඇවිල්ලා තියෙන්නේ. මේ තරම් ලෝක බලවතුන්ට යටත් වෙලා දඟලන්න වුණ නායකයෙක් මීට පෙර ඉඳලා නෑ. රටේ මුළු ආර්ථිකයම පුද්ගලික අංශයට, බහුජාතික සමාගම්වලට බාර කරල දේශීය ධනපතියනුත්, නිලධාරීන් මෙන්ම උගතුනුත් වහල්භාවයට දමන්නට ඔවුන්ට සිද්ධ වෙනවා. එතකොට මේක නිර්ධනීන්ගේ ගැටලූවක් විතරක් නෙවෙයි, ඒක දේශීය ධනපතියන්ටත් ඉහළ මැද පංතියටත් බලපාන දරුණුම ගැටලූවක්.

දේශපාලන පැත්තෙන් බැලූවහම මේ වහල්භාවය පෙනෙන්නේ නැහැ. මොකද? පාර්ලිමේන්තුව, ජනාධිපති, ඡුන්ද මේ සියල්ල තියෙනවා. කලටවෙලාවට මැතිවරණත් පවත්වනවා. ඒත් මේ සියල්ල අස්සේ අපේ සම්පත් අපෙන් ඉවත් වෙලා යනවා. කොමියුනිස්ට් කියා ගත්ත නායකයොත් කියල තිබුණ කිසිම ආයතනයක් පුද්ගලික කරන්නේ නැහැ කියලා. ඒත් අද වෙනකොට රජයට තිබුණ වාණීජ බලය මුළුමණින්ම හින්දල ඉවරයි. රාජ්‍ය බැංකු දෙකත් පාලනය වෙන්නේ බලවතුන්ට  ඕනෑ විදියට ඔවුන්ගේ කළමනාකරුවන් මගින්. රජය පවරාගත් ඉඩම් සියල්ල දැන් පුද්ගලික අංශයට පවරල ඉවරයි. අනෙක් රජයේ ඉඩම් අනවසර නීතිය උඩ දුප්පතුන්ගෙන් උදුරල ලොක්කන්ට ලබාදෙන වැඩපිළිවෙල ක‍්‍රියාත්මක වෙනවා. දැන් හැම දෙයක්ම අනවසරයි. ඒ අපට. ඒත් ලොකු ජාවාරම්කාරයන්ට හෝටල් කරන්න, කර්මාන්ත දමන්න, වැවිලි කරන්න, මැණික් ඇතුළු ඛණිජ සම්පත් හාරගන්න  ඕන තරම් ඉඩම් ලබාදෙන්න දැන් ආණ්ඩුව පුලපුලා බලා ඉන්නේ. උපන් බිමේ අසරණ සරණාගතයෝ වෙන්නේ මේ බිමේ උපන් දුප්පත් ජනතාවමයි.

තවත් පුදුම කථාවක් ආණ්ඩුවේ ඊනියා වාමාංශිකයන් ඉදිරිපත් කරල තිබුණ. ඒ තමා දැන් ඇමරිකාව දුර්වල නිසා ලෝක බැංකුවට නැත්නම් IMF එකට දැඩි ක‍්‍රියාමාර්ග ගන්න බැරි වෙනව කියන එකයි. ගෝලීය ධනවාදය ගැන අවබෝධයක් නැති උදවියගේ කථා තමා ඔය. ඒ අනුව ඉන්දියාව වැනි රටවල් හොඳ ආදර්ශයක් ලෙසත් මේ අය ඉදිරිපත් කරනවා. ඒත් ඇත්ත නම් දැන් ලෝකයේ බලවතුන්, බහුජාතික තන්ත‍්‍රය මිස රාජ්‍යවල් නොවන බවයි. පසුගිය අර්බුදය තුළ G20 මත පදනම් වීමට ඔබාමාට සිදු වුණේ ෂඵත්‍රැුඋඊ වල පඬිවරුන්ගේ උපදෙස් අනුවයි. දැන් මෙවැනි තීන්දුවලට මුලපුරන්නේ IMF/WB/WTO කියන ත‍්‍රිත්වයයි. මේ තමා නූතන ලෝකය මෙහෙයවන දෙවියන්. අද ඒ දෙවියගේ එක උපකරණයක් වන මන්මෝහන් සිංලා ෂඵත්‍ එකට තම රට අල්ලා දුන් අයයි. එහෙම අල්ලා දෙද්දී ඉන්දියාවේ ජනතාව රට පුරා කැරලි ගහන තැනට පත්වෙලා බව හොර වාමාංශිකයන්ට නොපෙනුනත් වන්දනා සිවා, අරුන්ධතී රෝයි වැනි බුද්ධමතුන්ට වැටහිලා තියෙනවා. G20 යෙන් අද ඉදිරිපත් කරන්නේ ගෝලීය ධනවාදයේ ඒකාබද්ධ මතවාදයයි. ඒක වඩාත්ම IMF/WB/WTO පණඩිතයන්ගේ මතවාදයයි. G8 සිට G20 දක්වා ගමන් කිරීම ගෝලීය ධනවාදයේ තාවකාලික තහවුරු වීමක් මිස බිඳවැටීමක් නෙවෙයි.

මේ අනුව IMF එක ලංකාව තුළ මෙහෙයුම් දියත් කිරීමේදී වඩා යැපෙන්නේ ඉන්දියාවෙන්. ඒ සමඟම චීනයත් එයට හවුල් වෙනවා. මේ රටේ නිදහස විනාශ වෙන්නේ මේ ක‍්‍රියාමාර්ගයෙන් මිස කෙළින්ම ඇමෙරිකා මැදිහත් වීමෙන් නෙවෙයි. අද යටත්වීම ක‍්‍රියාත්මක වෙන්නේ ආර්ථික - සමාජ ගිවිසුම් තුළින්. බලපෑම් එන්නේ ආර්ථික - සමාජ බාධක පැමිණීම තුළින්. කෙළින්ම යුද නැවක් ඇවිත් හමුදාව කඩා පනින්නේ නැහැ. ලෙනින් එදා 1914 දීම පෙන්වලා දුන්නා මූල්‍ය මහ ධනේශ්වරයේ වැඩකටයුතු කරන්නේ තුන්ඩු මගින් කියලා. තුන්ඩු වලින් තමයි මේ අයවැයත් උන් පාලනය කරල තියෙන්නේ. නව යැංකි අධිරාජ්‍යවාදය ගැන ගොන් කථා කියන උදවිය දැන් සතුරා ලොකු මහත්වෙලා වෙන පැත්තකින් අල්ලගෙන බව දකින්නේ නෑ. මේ වගේ පිටිපස්ස බලල ඉස්සරහට යන ගොන් තඩියන්ගෙන් අපි ප‍්‍රවේසම් වෙන්න වෙනව. මොකද? ඒ අය තමා වඩාම නරක විදියට ජනතාව සතුරාට බිල්ලට දෙන්නේ. නොදන්න එකාට වඩා බාගෙට දන්න එකා භයානකයි කියන්නේ ඔය හින්දයි.

ඇත්ත තමයි ඉන්දියාවේ සාමාන්‍ය ජනතාව මේ ලංකාව කරන අපරාධ වලට සම්බන්ධ නෑ. ඒ අයත් බහුජාතික සමාගම්වලින් ඇති කරන මංකොල්ලයට හසු වන අය. ඇත්තටම සෝනියා ආණ්ඩුව ඉනිදීය ජනතාවම යටත්විජිතවාදී මර්දනයට හසු කරලයි තියෙන්නේ. තමන්ගේ උන්හැටි තැන්, පාරම්පරික උරුමයන්, නිදහස හා අනන්‍යතාවයන් විනාශ කරන රට තුළම දියත් වන පර බලවේගයන්ට විරුද්ධව විවිධ ජනතා සංවිධාන ඉංදියාව පුරාම සටන් වදින්නට පටන් අරන්. අපට ඇත්තේ මෙවැනි බලවේග සමඟත් එකතු වෙමින් මේ ඇති කරන වහල්භාවයට විරුද්ධව නැගී සිටීමයි. ගෝලීය ධනවාදයේ කොල්ලකරුවන්ට විරුද්ධ සටන අප දියත් කළ යුත්තේ මේ අවබෝධය සමඟයි.

ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න.
05.07.2010

ඔබ සාරවත් මිනිසුන්ගේ කුලයට අයත් කෙනෙක් ද ?

අපි කොයි කාල අවකාශයේ සැරිසැරුවත් සාරවත් බිම් හොයාගන්න අසීරුයි. සාරවත් මිනිසුන් හොයාගන්න අසීරුයි. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා වටිනා බිම් රැකගන්න. ගැඹුරු  මිනිසුන්ගේ  කතිකාවනට ගොඩවෙන්න. පුදගලික මම වෙනුවට සමාජයීය මම අනෙකා තුල නිර්මාණය කරන්නට මගේ භාවිතය තුලින් අනෙකාට බලපෑම් කරන්න. මම වෙනස් වෙමින් අනෙකාව වෙනස් කරන්න.මගේ දියවීම අනෙකාව පිරවීමක් කරන්න.
    
දැන් මේ වියමනට එකගනම් අක්ෂය නැමති ඒ සාරවත් බිම, අවකාශය, ඉඩ කඩ  පිළිබඳව අපි මීට වඩා හිතන්න ඕනි. අක්ෂය තුල සිදුකරන විවිධ ක්‍රියාකාරකම් හරහා වඩා හොඳ ලෝකයක් වෙනුවෙන් ගොඩනගන ක්‍රියාදාමය ගැන මීට වඩා සංවේදී වෙන්න ඕනි. මම වෙනුවට අපි ගැන හිතන උන්ට ආදරය කරන්න ඕනි. උන්ට ශක්තිය වඩ වඩා සපයන්න ඕනි. ඒ වගේම කුප්පියාවත්තේ පන්සල ලග center එකක් පවත්වාගෙන යමින් මේ වගේ ක්‍රියාදාමයක් සිද්ද කරන්න ලොකු වියදමක් දරන්න වෙනවා සහ ලොකු ශ්‍රමයක් වගුරන්න වෙනවා කියන යථාර්තයත් අපි පිළිගන්න ඕනි . බාරගන්න ඕනි.

ආදරණිය සහෝ,
අක්ෂයට ආදරය කරන අය, අක්ෂය හා එකතුවෙලා ජිවිත වලට අර්ථයන් එකතු කරගන්න අය, අක්ෂය පෝෂණය කලයුතුයි කියල විශ්වාස කරනවා. රටක මිනිස් ජිවිත සිනහවෙන් පුරවන්නට, අසීරු මුත් නිවැරදී මාවත තෝරාගත් අක්ෂයට හුස්ම දෙන්න පුළුවන් සාරවත් මිනිස්සුන්ට විතරයි. 

කියන්න,
ඔබ සාරවත් මිනිසුන්ගේ  කුලයට අයත් කෙනෙක් ද ?

ලංකා දේශපාලනයේ අවකාශ භාවිතයේ වාමාංශික හා විකල්පමය ස්වභාවය


දැන් නම් නියම අවස්තාවක් තියෙනවා කියා නොකියන අවස්තාවක් වාමාංශිකයින්ගේ ඇත. දේශපාලනික යමක් සිදු කිරීමේදී තමන්ගේ නොහැකියාව වසා ගැනීම හා අවස්තාවාදීව ප්‍රවිශ්ඨ වීම සදහා ලංකා දේශපාලනය තුල මෙම වචන කොතරම් නම් පාවිච්චි කරන්න ඇත්ද? මෙය බිදී ඇවිත් තියෙන්නේ දේශපාලනකය කිරීම සදහා වන විෂයික තත්ව මෝරන විට එය දේශපාලන ගමන් මගතට යහපත්ව භාවිතා කල හැ කි බව කියන මාක්ස්වාදී දාර්ශනික විග්‍රහයෙන් බව හැගේ.
       නමුත් වන සූදානම දේශපාලනික කන්ඩායම් හා සංවිධාන තුල තිබේද යන්න වෙසෙසින්ම සොයා බැලිය යුතුය. එය බොහෝ විට එසේ නොවේ. මෙය සාමානයයෙන් තනිව දැනීම හා පොදුවේ දැනීම යනුවෙන් කාරනා දෙකකි. තනිව දැනීම යනු තම මතවාදය තුල දැනීමයි. පොදුවේ දැනීම යනු සමාජීයව දැනීමයි. තම මතවාදයන් හා දර්ශනයන්  ඛණ්ඩනය කරමින් එකක් විය යුතු යැයි අවස්ථාව භාවිතා කරල යුතු යැයි බාහිරින් ප්‍රකාශ කල එය අත්‍යන්තයෙන් සිදුවන අවස්තාවන් කීයක් හෝ පැමිණ නැත. කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තබාගෙන පැමිණ ආඩි 7 දෙනාගේ කැද හැලි සකස් කල හැකිය. ඉන් වැඩක් වන්නේ නැත.
     දැන් නැවත අවකාශයක් නිර්මානය වෙමින් තිබේ. යුද්ධයෙන් පසුව ආණ්ඩුවට මුදල් නැතිවීම තුල ජනතාව වෙහෙසට පත්ව ආණ්ඩුව විවේචනය කිරීමේ අවස්තාවයි. මෙම අවස්තාව හිමි වන්නේ කාටද? නැවත වතාවක් ප්රශ්න කරමි. මෙම අවස්තාව හිමි වන්නේ කාටද? ප්රශ්න කිරීමේ අවස්තාව හිමි වන්නේ සාමානය ජනතාවටය.
     
සාමානය ජනතාවට හිමි එපාවීම හා කලකිරීම හා උද්වේගය භාවිතා කල හැකි ආකාරයේ සුදුසුකම් ඇති වාමාංශික සංවිධානයක්, හැඩයක් හෝ විකල්ප සංවිදානයක් හැඩයක් පෙන්වා දියව්... නැත. නිසාය මේ ගොඩනැංවීමට කරන උත්සාහය.. ඉතා හොද පිලිතුරකි. නමුත් වචන එලියට පැන්නාට වැඩක් නැත.  වන්නේ ලංකා සමාජයේ වාමාංශික හා විකල්ප දේශපාලනික භාවිතයන් හැම විටම බලාපොරොත්තුව සිටින්නේ අවකාශ භාවිතය සදහාය. 30 ගණන් වල සිට මේ දක්වා ලංකා දේශපාලනයේ මේ අවකාශයන් මතුවීම සාමාන්‍ය ස්වභාවයක්ව පැවතුනි. මේ අවස්ථාවන් හදුනා ගනිමින් හිදැස් හෝ අවකාශයන් සදහා යම් දේශපාලනික භාවිතයන් බැස්සවීමේ සිහිනයෙන් 2010 අපිදු පෙලෙන්නෙමු.
      පොදු වාමාංශික හා වික්ලප එකතුවක් පෙරමුණක් ආදී වශයෙන් වන සිහින දශක ගනනක් දැක ඇතත් එය සිදු නොවීමේ හෝ බාගෙට සිදුවී එහි පුතිඵල දක්ෂිණාංශිකයින් හෝ සාමාන්යයන් ලබාගත් අවස්ථා ගණන එකක් නොවේ. මෙය බොහෝ විට ලබාගත් දෙයක් බව නොවෙ ලබා දුන්නක් බවට පත්ව ඇත. එහි ස්වාභාවය කොතෙක් යත් එය අනිවාර්ය කාරනයක් ලෙස සමාජය තුල පෙරලීමකදී පෙනී යයි. මේ අයුරින් බලන විට ලංකාවේ විකල්ප හා වාමාංශිකයින් සිදු කර ඇත්තේ පෙරලීමක් වෙනුවෙන් උදව් කිරීමක් පමණි. පැරණි වාමාංශික භාවිතයන් වල යම් ගොඩනැගීම් තිබුනද විකල්ප හා රාජ්‍ය නොවන සංවිධාන ධාරාවේ සහ වෙනත් සංවිධාන වල මේ ගොඩනැගීම් දැකිය නොහැකි විය. ගොඩනැගීම් ඇති කරන ලද සංවිධාන සිය ගොඩනැංවීම් සමස්ථය පවුල්ගත කර ගන්නා ලදී.

මතු සම්බන්ධයි...

යුධ ජයග‍්‍රහණයෙන් වසරකට පසු ‘හෘදයසාක්‍ෂිය’ ?

පහත පළවන්න හරියටම මීට වරකට ඉහතදී මවිසින් ලියන ලද්දකි. එහි අන්තර්ගත වන්නේ ඒ මොහොතේ මා අත්දකින ලද හැඟීම් සමුදායක් වචනයට නැංවීමට දරන ලද්දාවූ උත්සාහයකි. සමහරවිට ඔබ ඒ කාළයේ මෙය කියවා තිබෙන්නට පුළුවන. නමුත් වසරකට පසුවද නැවත වරක් එය කියවීමට මා බවට ආරාධනා කරන්නේ අප ගෙවමින් සිටින මේ මොහොතට එහි කිසියම් අදාලත්වයක් ඇතිදැයි යන්න සිතිය යුතු යැයි මා සිතන බැවිනි.
හෘදයසාක්‍ෂිය
විදුර ප‍්‍රභාත් මුණසිංහ

දිනය - 2009. 05.19
වේලාව - රාතී‍්‍ර 11.17

විධිමත්ව යමක් ලිවීමට තරම් නිශ්චිතාවයකින් තොරව මේ මොහොතේ මා දරා සිටින්නාවු අවිධිමත් ශෝකය, දුක, සතුට, පී‍්‍රතිය වැනි භාෂාත්මක කියවීමකට රාමුගත කරගත නොහැකි හැඟීම විසින් අපහසුතාවයට, වියවුලට සහ උදාසීනත්වයට ලක්ව සිටින මා එසේ තිබියදීත් මෙම ලිවීම ආරම්භ කරන්නේ භාෂාවට නැංවිය නොහැකි අසීමිතභාවය වචනය නැංවූවිට සීමාසහිත වීමෙන් බිහිවන ආඛ්‍යානය විසින් ඊට පෙර නොවූ ගල් ගැසුනු අර්ථය ජනනය කරන්නේය යන පදනමේ සිටය. එබැවින් මේ වූකලි මට දැනෙන මේ යැයි කිව නොහැකි හැඟීමක් නිසා දැනෙන අපහසුතාවයට භාෂාව තුල කුමණ හෝ පිලිතුරක් සොයායමින් විසඳුමක්, සහනයක් ලබාගැනීමට දරන උත්සාහයකි. එසේ නොවූවහොත් මේ හැඟීම විසින් ඇතිකර ඇති උදාසීනභාවය මාගේ සාමාන්‍ය එදිනෙදා පැවැත්ම තර්ජනයට ලක්කරයි. එබැවින් මේ සත්‍යය සොයා යාමක් නොව වියුක්ත හැඟීම් සමුදායක් භාෂාත්මක ආඛ්‍යානයක් තුල සීමා සහිත කිරීමට දරන උත්සාහයකි (භාෂාවට පිටතින් වන සත්‍යයක් නොමැති බැවින් ලිවීමට පෙර තිබූ යම ලිවීමෙන් අනතුරුව තවදුරටත් නොපවතින බව මම දනිමි. නිශ්චිතව කුමක්දැයි නොදන්නා දෙය ආඛ්‍යානගත කිරීමෙන් පෙර පැවති වියවුල නිමවී නව සැනසිලිදායක අර්ථය පමණක් ඉතිරි වනු ඇත).

අද දිනය තුල මා දන්නා හඳුනන දෙදෙනකු අවස්ථා දෙකකදී පැවසූ වාක්‍ය දෙකක් ඔවුන් තුලද වන මා දරා සිටින වියවුල් සහගත හැඟීමට සමාන දෙයක ප‍්‍රකාශනයන් යැයි මට සිතේ.

1. ”ඇයි මිනිස්සු මේ තරම් රතික්‍ද්ක්‍දා පත්තු කරන්නේ, දෙපැත්තෙම මැරුනෙ අපේ මිනිස්සු නේද ?’
2. ”මොනව වූනත් ප‍්‍රභාකරන්ගෙ මිනියෙ මූණ දැක්කම මට හෝස් ගාල ගියා..”

මේ මොහොතේ පවතින සිදුවීම් අනුක‍්‍රමණයන්ද ගල් ගැස්විය යුතු යැයි මට සිතෙන්නේ පසු අවස්ථාවක මෙම සිදුවීම් මීට වඩා වෙනස් ලෙස ආඛ්‍යානගතවී තිබිහැකි (එය අනිවාර්යතාවයකි,  අප අතීතය කියවන්නේ වර්තමාන මොහොතේ සිටය) බැවිනි. එවිට මා විසඳුම හොයන මේ හැඟීමට පදනමක් නොමැති වනු ඇත (මා ගැලවීමට උත්සාහ දරන මේ හැඟීම පිලිබඳව ආදරයක්ද මා තුල පවතී, එය ගල්ගැස්විය යුත්තේ මේ ලිවීම අනාගත මොහොතක කියවීමේදී විඳින සෞන්දර්යය ?* වෙනුවෙනි).
              අද උදෑසන 9. 40 ට පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ජාතිය අමතා කථා කළේය. වසර 30 ක් තිස්සේ පැවති යුද්ධය ජයග‍්‍රහණය කළ බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත්කෙරින. මුළු රටම පසුගිය දින 2 පුරාවටම රතික්‍ද්ක්‍දා හඬ්න් ගිගුම් දෙයි. මිනිසුන් වාහනවල නැග ඉමහත් ආනන්දයකින් කෑකෝ ගසමින් පාරවල්වල ගමන් කරති. රටම කිව නොහැකි ආනන්දයක පසුවෙයි. අද දහවල් 1. 30 ට ප‍්‍රභාකරන්ගේ දේහය රූපවාහිනියේ පෙන්වන ලදී. ලංකාවට නව රජෙක් ලැබී ඇති බවත් ලංකාව ඉතිහාසයේ විශිෂ්ඨතම ජයග‍්‍රහණය උදාකරගෙන ඇති බවත්, මෙරට අනගිභවනීය යුගයක් කරා පිවිස ඇති බව පැවසෙයි.
            මා අත්විඳීන අවිනිශ්චිතභාවයට පසුබිමින් ඇත්තේ මෙම සිද්ධිමය කාරණාවන්ය. මේ සියලූ සිදුවිම් විසින් නිර්මාණය කරන හැඟීම මා මිතුරකු කී ලෙස ‘එකපාරටම සුනාමිය ආපු වෙලාවෙ ඇතිවුන මොකුත්ම නැති හිස් හැඟීම’ හෝ එම හැඟීමේ නෑයකු වියහැකි යම් හැඟීමක් වියහැක. මේ මොහොතේ මේ හැඟීම භාෂාවට නැංවීම මාගේ සහනදායී පැවැත්ම ආරක්‍ෂා කරගැනීමක් මෙන්ම මේ මොහොතේ සෞන්දර්ය මඟහැරී යාම වැලැක්වීමක්ද වෙයි. ඒ අරමුණින් යුතුව මසිතට එන පෙළගැස්වීමක් නැති සිතීම් කිහිපයක් පෙළට තබමි.
 
1. පරිපූර්ණ ජයග‍්‍රහණයක/ පරාජයක සෞන්දර්යය
සිය සටන පරාජයට පත්ව අවසානයක් කරා ළගාවී ඇති බව දනිමින්ම විනාශය අනිවාර්යතාවයක් බව දනිමින්ම අවසන් භටයා මියයන තුරුම සමස්ථ කොටි සාමාජිකත්වයම සටන් කරන ලදී. කිසිත් දිනන්නට නොහැකි බව දනිමින්ම ලක්‍ෂ 2 ක හමුදාවක් 350 ක පිරිසක් වටකොට ඇති බව දනිමින් නායකයා, ඔහුගේ පුත‍්‍රයා, සියලූ නායකයින් ඇතුලූ සියලූම සාමාජිකත්වය එකකු හෝ යටත් නොවී පළා නොගොස් (සියලූ නායකයින්ට පළා යාමට ඉඩ ප‍්‍රස්ථා  ඕනෑ තරම් අවස්ථා විය) සිය මරණය දක්වා සටන් කළහ. මීට පෙර එවැන්නක් චිත‍්‍රපට හෝ වීරකථාවල හැරෙන්නට මා අසා හෝ දැක නැත. එබැවින් මේ සමස්ථ සිදුවීම මට මහා සෞන්දර්යයක් ගෙනඑයි. පරිපූර්ණ අවසානයක්, පරිපූර්ණ පරාජයක් සාහිත්‍යයේ මිස සැබෑ ජීවිතයේදී අත්විඳින්ට සිදුවෙතැයි මම කෙදිනක හෝ සිතා නැත්තෙමි. සාහිත්‍ය කෘතියක අපූර්වත්වය මේ සිදුවීම තුල අන්තර්ගතව ඇතැයි මට සිතෙන්නේ එබැවිනි.

2. තුවක්කු පහත්වෙයි
ජාතික රූපවාහියේ දර්ශන පෙළකින් කොටසක් සංස්කරණය කොට විකාශය කළ CNN නාලිකාව පවසා සිටියේ ශී‍්‍ර ලංකාවේ දෙමළ අරගලය අවසානයකට පත්ව ඇති බවයි. රූපරාමුවේ දැක්වුනේ මුලතිව් සටන් බිමේදී ගිනි තබා විනාශ කරන ලද කොටි කාලතුවක්කුවක බැරලය ඈතින් පෙනෙන තල්ගස් දෙකක් පසුබිම්කොටගෙන පහත්වන අයුරුය.

3. 1989. 11. 13 දා රාති‍්‍රයේ ඇසුනු රතික්‍ද්ක්‍දා හඩ
මුළු කොළඹම සිංහ ධජ වලින් සරසා ඇත. මීට පැය 1/2 කට පෙරද වාහනවල නැගුනු තරුණයෝ උද්දාමයෙන් සිංහ කොඩි ළෙලවමින් කෑ කෝ ගසමින් මහපාරවල්වල ගමන් කළහ. තැන තැන පිරිස් සංගීතයට නටති. තී‍්‍ර රෝද රථවල ප‍්‍රභාකරන්ගේ මරණ දැන්වීම් අලවා ඇත. ‘පරලොවට ඊළම - ඊළමට පරලොව’ එහි ලියැවී ඇත. සියලූ ජනමාධ්‍ය, කලාකරුවෝ, භික්‍ෂූන් වහන්සේ, විද්වත්හු මහා ජයග‍්‍රහණය සමරති. හෙට ජාතික නිවාඩු දිනයකි. (89 නොවැම්බර් මාසයේ දවසක රාති‍්‍රයේද මෙවැනි රතික්‍ද්ක්‍දා හඬක් ඇසුනා මතකයි)

4. සතුට
ජනමාධ්‍ය පුරා රණ ගී, ජය ගී, උදාන ගී, ජාතිකාභිමානී ගී වලින් ගිගුම් දෙයි.
  • මේ සිංහල අපගෙ රටයි...
  • ආයු රක්ඛන්තු ආවඩා..
  • අපටත් රජෙක් පහලව ඇත්තේ...
  • තුන් හෙළේ කැළෑ තුල සිංහ පැටව්...
  • .....
  • ....
  • උතුරේ ගම්මානයන්ට රණ විරුවන්ගේ නම් තැබිය යුතු බව ජාතික හෙළ උරුමය පැවසූ පුවතක් පුවත්පතක පළවී තිබිණ.
  • පොලීසිය සිංහ කොඩි දමා නොමැති කඩවලට ඒවා දැමීමට බල කරයි.
  • යුධ ජයග‍්‍රහණ සැමරීම නිසා පසුගිය සතිය පුරා අවතැන්වූ 250,000 ට ආධාර එකතුකිරීමේ උන්මාදය අමතකව ගියා සේය.
       යුද්ධය සිදුවන අතරතුරේදී කොටි පාලන ප‍්‍රදේශයේ සිට 35,000 ක් ජනතාව හමුදා පාලන ප‍්‍රදේශයට පැමිණ සිටි අවස්ථාවේ ප‍්‍රකාශයක් කරමින් තවදුරටත් බලා නොඉඳ අවසන් ප‍්‍රහාරය එල්ල කර භූමිය අත්කරගන්නා ලෙසත් එහිදී යම් ජීවිත වන්දියක් ගෙවීමට සිදුවන්නේ නම් එය ගෙවා සටන නිමකරන ලෙසත් පැවසූ විමල් වීරවංශ (නමුත් රජය එසේ පහර නොදුන් අතර ඒ හේතුවෙන් 215,000 ක් දිවි බේරුනි) සෑම විටම ජනාධිපතිවරයා අසලින්ම සිටිනු දැකිය හැකිවිය.
         මේ මොහොතේ අවිධිමත් ලෙස මසිතට ගලා එන සිතුවිලිය. මේවා ලියූ පමණින් වියවුල නොවිසඳෙයි (ලීවීම තුලම යම් ආඛ්‍යානයක් නිර්මාණය වෙමින් පවතිනු පෙනෙයි.) දැන් කළ යුත්තේ ලිවීම පරිපූර්නත්වයට පත්කිරීම/ වියවුල විසඳීම/ අර්ථය සීමා කිරීම යි.
          මා ඉපදුනු දිනයේ සිට අද දක්වාම මේ රටේ යුද්ධයක් පැවතුනි. ප‍්‍රභාකරන් නම් මිනිසෙක් මේ රටේ කොටසක වෙනම දෙමළ රාජ්‍යයක් පිහිටුවීම සඳහා සටන් කළේය. මරාගෙන මැරෙන බෝම්බ, ගම්පිටින් මිනිසුන් ඝාතනය කිරීම්, ආර්ථික මර්මස්ථානයන්ට එල්ලවූ මාරාන්තික ප‍්‍රහාරයන් ඇතුළු අතිශය අමානුෂික ප‍්‍රහාරයන් රැුසක් මැද අපි ජීවත්වීමු. ඔහුගේ බල ප‍්‍රදේශය අල්ලා ගැනීමට විවිධ අවස්ථාවල සිදුකළ මෙහෙයුම්, ඉන්දු ලංකා ගිවිසුම්, ඔහුගේ ම්ලේච්ඡු ප‍්‍රහාරයන්ට පිලිතුරු ලෙස දෙමළ ගම්මානවලට පහරදී දෙමළ ජාතිකයන් ඝාතනය කිරීම්, සාකච්ඡුා, සටන් විරාම ගිවිසුම් සමඟ මේ කාලය ගෙවීගියේය. අපගේ ජීවිතයේ සෑම මොහොකටම සෑම නිමේෂයකටම මේ මිනිසා හා ඔහුගේ ව්‍යාපාරය බලපැම් සහගත විය (ඊළග මෙහොතේ පුපරන බෝම්බයකින් මා මිය යා හැකිව තිබිණ*. ප‍්‍රභාකරන් හුදෙක් අපගේ ප‍්‍රතිවාදියා පමණක් නොව අපගේ පැවැත්මේ, අපගේ සුඛ විහරණයේ, සාමකාමී හිඳීමේ, අපගේ සතුටේ ප‍්‍රතිපක්‍ෂය විය. අපගේ සතුට, දුක, ශෝකය, උන්මාදය, චිත්තපී‍්‍රතියද පැවතුනේ ඔහු සමඟිනි (මා මිතුරකුට අනුව ”අපිට රිදව රිදව අපිත් එක්ක අවුරුදු 30 ක් හිටපු මිනිහ”*. ආදරය/ වෛරය, හොඳ/ නරක, කලූ/ සුදු ආදී සියලූ ප‍්‍රතිපක්‍ෂයන්හි එකකට අනෙක නොමැතිව පැවතිය නොහැකිවාක් මෙන් අපගේ සාමාන්‍ය ජීවිතය සමඟ ප‍්‍රභාකරන් අවියෝජනීයව බැඳී සිටියේය. අපි ඔහුට අතිශයින් බිය විමු. ඔහුගේ ලේ පිපාසය  ඕනෑම මොහොතක මා ඇතුලූ මා ආදරය කරන කවුරුන් හෝ බිලිගත හැකිවිය.
         මේසාර්ට් ගේ ජිවිත කථාව ඇසුරින් නිපදවූ ඇමඩියුස් නම් චිත‍්‍රපටය මාගේ සිහියට නැගේ. මෝසාර්ට්ගේ දක්‍ෂතාවයට ඊර්ෂ්‍යා කරන නමුත් මෝසාර්ට්ට පමණක් දෙවන වන දක්‍ෂ සංගීතඥයකු වූ සැලියාරි නැමැත්තා මෝසාර්ටව විනාශ කිරීමට, පැරදවීමට, ඔහුගේ නිර්මාණ සොරාගැනීමට සිය ජීවිතයම කැප කරයි. නමුත් මෝසාර්ට් මියගිය පසු සැලියාරිට ජීවත්වීමට හේතුවක් නැතිවේ. මෝසාර්ට් නැතිවුවත් ලෝකය පවතී. ඔහු නැතැයි කියා කිසිවක් වෙනස් නොවේ. නමුත් මෝසාර්ට් නැතිව සැලියාරිට ජීවත්විය නොහැක. ඔහු ආත්මයේ මහා හුදෙකලාවකින් පීඩා විඳී. අවසානයේ ඔහු සියදිවි නසාගනී. සැබවින්ම මෝසාර්ට්ට වැඩියෙන්ම ආදරයකොට ඇත්තේ ඔහුට වෛර කළ සැලියාරිය.
          ශිශිරයේ මීදුම් වළාවන් අතරින් මතුවී එන මාගේ වීරයා හීත්ක්ලිෆ් මෙහිදී අමතක කළ නොහැක. ඔහු සිය ආදරය තමන්ගෙන් උදුරා ගත්තවුන්ගෙන් පළිගැනීමට සිය ජීවිතයම කැප කළේය. ඒ සියලූ උතත්සාහයන් සාර්ථක කරගත් පසු ඔහු මුහුණ දුන්නේ ආත්මය පහුරුගාන මහා හුදෙකලාවකටය. සියදිවි නසාගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක් ඔහුට නොවුනි. ඔහුට ඔහුගේ වෛරයෙන් තොරව පැවත්මක් නොවුනි. ඔහු මියයාමට සැලැස්වූ විනාශ කළ පිරිසට ඔහු වඩාත් ආදරයකොට තිබිණි. ආදරය/ වෛරය වෙන්කළ නොහැකි ද්වෛතයකි.
           දැන් අපට අපගේ වෛරය අවසන්ව ඇත. ප‍්‍රභාකරන් අවසන්ය. මේ රතික්‍ද්ක්‍දා හෙඬ්, අසීමිත පී‍්‍රතියේ, නිමක් නැති නිදහසේ තේරුම කුමක්ද ? දැන් අපිට, අපගේ කිසිදු කි‍්‍රයාකාරකමකට බාධාවක් නැත. මෙතෙක් ඔබ හා මා හමුවුයේ ත‍්‍රස්තවාදයට බියපත්වූ සමාජයක ප‍්‍රභාකරන් නම් අතුරු මුහුණත තුලිනි. දැන් අතුරු මුහුණත අවසන්ය. ඔබට ඍජුවම මා දැකිය හැක. අපගේ නම්හිම් නැති සංතෘෂ්ඨිය කෙළවර අපි අපගේ පැවැත්මේ තර්ජනයකට මහුණදී ඇතිතෙමු. දැන් බාධාවකින් තොරව නග්න ලෙස මා හමුවන ඔබට මුණගැසෙන්නේ කුමක්ද ? සියලූ ප‍්‍රබන්ධයන් අවසන්ව ගිය තැන ඔබ දකින්නේ මගේ හොඳකම්, බැරිකම්, දුෂ්ඨකම්, කුහකකම්, ම්ලේච්ඡුකම් සියල්ල නිරාවරණයව ඇති අයුරුය. මේවා වසා තැබූ අතුරු මුහුණත අවසන්ය. ඔබගේ ඒ සියල්ලද මට නිරාවරණය වෙයි. මෙවැනි සමාජයක් මහා බිහිසුනු අන්තරායකට මුහුණ දෙයි. මේ ක්ෂතිමය මොහොතේ උදාවද මේ අපි සමරන්නේ.. සිංහල සමාජය වඩාත් වෛරකළ/ ආදරය කළ මිනිසාගේ මරණය ගැන මීට වඩා බැ?රුම්ව සිතිය යුතු නොවේද ?

ප‍්‍රභාකරන්ගේ මරණය සෞන්දර්යයක් වන්නේ ඇයි ?
              ප‍්‍රභාකරන්ගේ මරණය මා නියෝජනය කරන පැරණි පන්නයේ ලෝකයේ එවැනි සිදුවීම්වල අවසානයයි. ජාතික රාජ්‍යය දියවී යමින් පවතින ලෝකයක ඔහු එය විශ්වාස කළේය. එවැන්නක් නිර්මාණය කිරීම සඳහා ඔහු රාජ්‍යයක් සමග සටන් කළේය. පැහැදිලිවම ඔහුගේ මතවාදය ජාතිවාදී විය. දෙමළ ජාතියේ ඵෙතිහාසික වේදනාවන්ට, සන්තාපයන්ට හා අසාධාරණයන්ට එකම විසඳුම ශක්තිමත් දෙමළ ඊළාම් රාජ්‍යයක් නිර්මාණය කිරීම යැයි විශ්වාස කළ ඔහු ආරම්භයේ සිටම මියයන මොහොත දක්වාම ඒ වෙනුවෙන් සටන් කළේය. යම්හෙයකින් ඔහු ඊළම දිනා ගත්තේ නම්  ඕනෑම ජාතිවාදියකුගේ මඟ යමින් අතිශය ඒකාධිපති, මර්ධනකාරී, ප‍්‍රජාපීඩක රාජ්‍ය තන්ත‍්‍රයක් නිර්මාණය කරනු ඇත. ඒ කෙසේ වෙතත් ඔහු ඊළමින් මෙපිට කිසිදු විසඳුමක් පිලිගත්තේ නැත. සටන මෙන්ම සාමය හරහාද ඔහුගේ අවසාන අභිප‍්‍රායවූයේ එයයි. මියයන තුරුම වෙනස් නොවූ අධිෂ්ඨානය එයයි. වර්තමාන ලෝකය තුල නොවෙනස් පැවතීම, අධිෂ්ඨානය වැනි වචනවලට අර්ථයක් නොමැත. ඝන වූ සියලූ දේ දියවී යන ලෝකයේ ජාතිය වෙළඳපොළ බවටද, නොවෙනස්වීම වෙනස්වන වෙළඳපොළ තත්වයන්ට අනුව වෙනස්වීම බවටද පත්වූ ලෝකයක ඔහු පැරණි පන්නයේ මිනිසෙකි. ඊළමෙන් මෙපිට කිසිවකට එකඟ නොවන්නේ නම් දිය හැකිව තිබූ එකම පිලිතුර ශී‍්‍ර ලංකා රජය විසින් ඔහුට ලබාදෙන ලදී. සිදුවිය හැකිව තිබුණේ දෙකෙන් එකක් පමණි. එක්කෝ ඊළම දිය යුතුය. නැතිනම් ඔහු මිය යා යුතුය. ඊළම දී රට දෙකඩ කිරීමට අකමැති වූ නිසා ඔහු මරා දැමිය යුතු වූ අතර එය එසේම සිදුවිය. (ඔහුත් සමග ඒ අරමුණ දරමින් මියෙන තුරුම සටන් කළ මේ රටේ පුරවැසි පිරිස එසේ කළේ ඇයි ? ඔවුන් එතරම් ආන්තික ආස්ථානයක් කරා ඇදීගියේ ඇයි ? යන්න කිසිදා මඟහැර යා නොහැකි ගැටලූවකි. යුධ ජයග‍්‍රහණ සැමරීම තුල ලංකාවේ කිසිදු ජනමාධ්‍යයක මුලතිවු සිට පැමිණි 250,000 ක ජනතාව එම සිදුවීමට මුහුණදුන් ආකාරය දැක්වෙන එකදු රූපරාමුවක් හෝ කොටි සංධිානයෙන් කැඞී රජයට එක්ව ඇමතිධූර බාරගත් අයගේ හැර වෙනත් කිසිදු දෙමළ ජාතිකයකුගේ ප‍්‍රතිචාරයක් සඳහන් නොවීමද සැලකිය යුතුය)
කෙසේ නමුත් පැරණි පන්නයේ රාජ්‍ය සිතීමේ අවසානයක් මේ සමඟ සනිටුහන් වෙයි. රජය ශී‍්‍ර ලංකා රාජ්‍ය පිලිබඳ මතවාදය සිය ප‍්‍රචාරණ යාන්ත‍්‍රණය තුල යුධඋපක‍්‍රමයක් ලෙස (යුද්ධයක් කිරීමට ජනතාවගේ සහාය ලබාගැනීමට එය කළ යුතු වන අතර ඇමරිකාව ඇතුලූ සෑම රටක්ම එය සිදු කරයි) ඉදිරියට ගෙන ආ නමුත් දකුණ වෙළඳපොළ යාන්ත‍්‍රණයට හසුවූයේ මීට බොහෝ පෙරය. දකුණේදී ජාතිය වෙළඳපොළ අළෙවිකරණ උපක‍්‍රමයක් පමණකි. යම්හෙයකින් උතුරටද මේ වෙළඳපොළ යාන්ත‍්‍රණය පැතිරගියේ නම් ප‍්‍රභාකරන් සමඟ මිය යාමට එකදු මිනිසකු හෝ ඉතිරි නොවනු ඇති අතර ප‍්‍රභාකරන්ද එය මනාව වටහාගෙන වෙළඳපොළ බලපෑමෙන් සිය බලප‍්‍රදේශයේ ජනතාව දැඩිව ආරක්‍ෂා කරගත්තේය. මේ බව රජයද මනාව වටහාගෙන ඇති බව පෙනී යන්නේ මෑතකදී මාතලේ කොටස් වෙළඳපොළ ශාඛාව විවෘත කරමින් බැසිල් රාජපක්‍ෂ මහතා සිදකළ ප‍්‍රකාශයකිනි. ”අපි යුද්ධයෙන් කළේ වෙන මුකුත් නොවෙයි, මෙතෙක්කල් උතුරේ විශාල ප‍්‍රදේශයක් සමස්ථ ආර්ථික යාන්ත‍්‍රණයෙන් බැහැරව පැවතුනා, අපි කළේ ඒ ප‍්‍රදේශය මේ ආර්ථික යාන්ත‍්‍රණයට ඇතුල් කරන එකයි”, ඔහු කියා සිටියේය. මේ අනුව සිංහල ජාතිවාදීන් කෙතරමි කෑමොර ගැසුවද (1976 දී යාපනය විශ්ව විiාලයට වෛi පීඨයක් ලබාදීමට පවා මොවුහු විරුද්ධ වූහ) නුදුරේදීම උතුරේ ප‍්‍රදේශ සීඝ‍්‍ර වෙළඳපොළකරණයකට ලක්වනු ඇති අතර ඒ සඳහා පාලම්, මහාමාර්ග, විදුලිය ඇතුලූ බොහොමයක් යටිතල පහසුකම් සැලසෙනු ඇත. නැවත දෙමළ ජාතිකවාදය ඉස්මතුවීම වැලකී එය වෙළඳපොළ යාන්ත‍්‍රණය තුල දියකර දැමෙනු අතර සිංහල ජාතිවාදීන්ගේ මතය ජයග‍්‍රහණය කළහොත් පමණක් දෙමළ සටන නැවත පණ ලබනු ඇත. කෙසේ නමුත් පැරණි පන්නයේ සිතීමක් තුල දෙමළ ජාතියේ ඵෙතිහාසික අසාධාරණයට පිලිතුරක් ලබාගත හැකිව තිබූ අවසන් අවස්ථාවද මේ අනුව අහිමිවී යනු ඇති අතර තවදුරටත් එවැනි ඉල්ලීම් කිරීමට ජාතිකත්වය මත පදනම්වූ ඝනීභූත දෙමළ සිතීම අවසන් වනු ඇත. මේ අනුව ක්‍භභ නාලිකවේ පෙන්වූ තල්ගස් අතරින් කාලතුවක්කු බැරලය පහත්වන රූප රාමුව අතිශය සංකේතාත්මතය.
              කෙසේ නමුත් මේ අවසන් සටන සෞන්දර්යාත්මක යැයි මා සිතන්නේ එම පැරණි සිතීමේ අවසන් සටන මෙය වූ බැවිනි. තවදුරටත් ධීරත්වයට, නොවෙනස්වීමට අනාගතයක් නැත. නමුත් අපේ අතීතකාමයන් අපව තවදුරටත් ඊට ආශක්ත කරයි. ප‍්‍රභාකරන් ඇතුලූ පිරිස එහි අවසන් විශිෂ්ඨ නිර්මාණය සම්පූර්ණ කළහ.

හෘද සාක්‍ෂිය
            මේ දිනවල බෙහෙවින්ම කියැවෙන දුටු ගැමුණු රජුගේ පුරාවෘතයේ එක් වැදගත් සිදුවීමක් කෙරෙහි අවධානය යොමු කරමි. එළාර ඝාතනය කොට අනුරාධපුරය විජයග‍්‍රහණය කිරීමෙන් අනතුරුව දුටුගැමුණු දුකට පත්වූ බවත් තමන් විසින් ඝාතනය කළ සතුරන් පිලිබඳව ඔහු මහත් වේදනාවට පත්වූ බවත් පුරාවෘතවල කියැවෙයි. ගණනාථ ඔබේසේකර පවසන ආකාරයට මෙම පුරාවෘතයන් තුල මෙම සිද්ධිය නිර්මාණය වීමෙන් නිරූපනය වන්නේ හෘදසාක්‍ෂිය සම්බන්ධයෙන් ගැමි බෞද්ධයා තුල වූ දැක්මයි. එය පැරණි ගැමි බදුදහමේ සාරය ඉවත්කෙරුනු නූතන විෂයමාලාගත නාගරික බුද්ධාගම තුල අන්තර්ගත නොවන්නකි. වර්තමාන යුධ ජයග‍්‍රහණ සැමරුමේදී නෑසී මියගොස් තිබුණේ මෙම හෘදසාක්‍ෂියයි. ‘මොනව වුනත් මගෙ පපුව හෝස් ගාල ගියා’ යනුවෙන් කී මා මිත‍්‍රයා නියෝජනය කළේ හෘදසාක්‍ෂිය දරාගත් ඒ අතිශය සුලූ පිරිසයි.  ඕනෑම සමාජයකට හෘදසාක්‍ෂිය අතිශයින්ම වැදගත්ය. හෘදසාක්‍ෂියක් නැති මිනිසකුට කළ නොහැක්කේ කුමක්ද ? කෙනෙකුගේ හෘද සාක්‍ෂිය විසින් අප තුල නිර්මාණය කරන අතිශය සංවේදී චිත්තාවේගයන් හා මානසික ගැටුම නොමැති සමාජයක බොහෝ දේ ඉතා සරළ ලෙස සිදුවන අතර බොහෝ දේට ඉතා සරළ අරුත් ගැන්වීම් හා විසඳුම්ද පවතී (අද රට ජාතිය පිලිබඳ කථාබස් කරන ජාතිවාදී බහුතරයක් තුල නැත්තේද මේ හෘද සාක්‍ෂියයි).
             හෘද සාක්‍ෂියක් නොමැති අතිශය නග්න වෙළඳපොළ සබඳතා, කුහකත්වය, ආත්මාර්ථය රජකරන ත‍්‍රස්තවාදයෙන් මිදුනු සුරක්‍ෂිත සමාජයක් අපට උරුමව ඇති අතර ඔබත්් මමත් හෙට මුණගැසීමට නියමිත එම භූමියෙහිය. හෘද සාක්‍ෂිය විශ්වාස කරන සුලූතරයක් වූ මිනිසුන් සෑම අයෙකුම මහා පරිමාණයේ ප‍්‍රශ්ණ ගැන කථාකරනු වෙනුවට තනි මිනිසාගේ හෘද සාක්‍ෂිය පිලිබඳව අවධානය යොමුකළ යුතුයැයි මට සිතේ. දකුණේ ජනතාව අන් කවරදාකටත් වඩා පසුගිය කාළය තුල රාජ්‍යය සමඟ එක පෙළට සිටගන්නා ලදී. නමුත් සිදුවිය හැකි නරක දෙය නම් තමන් රාජ්‍ය නොවන බව ජනතාව විසින් අමතක කරදැමීමට ඇති ඉඩ ප‍්‍රස්ථාවයි. තමන් රාජ්‍ය නොවන බවත් තමන් හෘදසාක්‍ෂියක් දරාගත් තනි මිනිසෙක් බවත් සෑම අයකුම පසක් කරගත යුතුය. එනයින්ම රාජ්‍ය යාන්ත‍්‍රනයට වඩා තනි මිනිසාගේ හෘදසාක්‍ෂිය හා අභිමානය ගැන ජනතාව වදවිය යුතුය. හෙටදවසේ තම හෘදසාක්‍ෂිය ගැන වදවන මිනිසුන් පොඩි මිනිසාගේ අභිමානය ගැන වදවීම ඉතාමත් වැදගත් වන්නේ එය ඔබේත් මගේ මනුෂ්‍යත්වයට තීරණාත්මක වන බැවිනි.

වේලාව රාතී‍්‍ර 1. 35.
දැන් මට සැනසීමෙන් (?) නිදාගත හැක.


ප.ලි. 2009.05.20
මාවිල් ආරු සොරොව්ව මුදාගැනීමේ සිට මේ දක්වා මියගිය රජයේ හමුදා භටයින් ගණන 6,931 ක් බවත් තුවාල ලැබූ පිරිස විසිහයදහස් ගණනක් බවත් ආබාධිත වූ පිරිස දෙදහස් හයසිය ගණනක් බවත් ආරක්‍ෂක ලේකම්වරයා විසින් ප‍්‍රකාශ කරන ලදී.
ඔහුට අනුව යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින් සංඛ්‍යාව 21, 000 කට ආසන්නය. එක්සත් ජාතීන්ගේ වාර්තාවන්ට අනුව පසුගිය වසර 2 තුල යුද්ධයෙන් මියගිය සාමාන්‍ය ජනතාව 8,000 කි. (සුනාමියෙන් ලංකාවේ 36, 000 ක් පමණ මියගිය බව විශ්වාස කෙරේ)

ප.ලි. 2009.05.21
යුධ ජයග‍්‍රහණ සැමරීමේ වැඩසටහන් හේතුවෙන් පසුගිය දිනවල විකාශය නොවූ මුතු කිරිල්ලී, පබා හා ඉතින් ඊට පස්සේ නාට්‍ය අද සිට යළි විකාශය ඇරඹින.

ප.ලි. 2009.05.22
‘උගතුන් හා දේශපාලඥයින් එකතුවී අලූත් මිත්‍යා සාධාරණීකරණය කිරීම බුද්ධ ධර්මය විකෘති කිරීමකි. එසේ සාධාරණීකරණය කරන්නෝ සිය බෞද්ධ උරුමයට පිටුපා ඇති අතර දුට්ඨගාමිණී අභයගේ චිත්තාග්නිය තුලින් මතුවන මහා සදාචාරාත්මක ප‍්‍රශ්ණය හා එහි ඇති වැදගත්කම ඔවුනට වැටහී නැත.’
‘සියුම් මනස් ඇත්තවුන් ඇසිය යුත්තේ සරළ ගැටුම් තුල අප සිතුම් සිරකරන, තරණය කළ නොහැකි ආගාධ වලින් අප වෙන්කරන ලෝක ස්වභාවය කුමක්දැයි යන්නය. හෘදසාක්‍ෂිය හා ලෝක ස්වභාවය අතර ඇති ගැටුම විසඳීම සුළුකොට තැකිය හැකි කර්තව්‍යයක් නොවේ. අතපය හකුලූවාගෙන යහනෙහි වකුටුවී ”දකුණින් ගොලූ මුහුදය, උතුරින් හැඩි දෙමළුය, මෙම කෙසේ අත් පා දිගහරිම්දැයි” ඇසූ බොළඳ කොලූ ගාමිණී අනුකරණය කිරීම, සතුරන් තුල යම් යහපත් ස්වභාවයක් දුටු වැඩිහිටි දුට්ඨගාමිණී අනුකරණය කිරීමට වඩා පහසුය.

‘දුටුගැමුණුගේ හෘද සාක්‍ෂිය’
- මහාචාර්ය ගණනාථ ඔබේසේකර

දැනුවත් වෙනු පිණිසය...

අප්‍රේල් මස 26 වන දින මිඩ්ල්සෙක්ස් විශ්ව විද්‍යාලයීය පාලනාධිකාරය විසින් එහි දර්ශන විද්‍යා අධ්‍යනාංශයේ සියල්‍ර පාඨමාලාවන් නවතාදැමීමට තීරණය කරන ලදී. පර්යේෂණ සම්බන්ධයෙන් සමස්ථ විශ්ව විද්‍යාලයේම ඉහලම ප්‍රමිතිය පවත්වාගෙන සිටින එමෙන්ම දර්ශන විෂය සම්බන්ධයෙන් ලෝකයේ පවත්නා හො ම අධ්‍යාපන ආයතනයක් ලෙසින් පිලිගැනෙන මෙය වසා දැමීමට ගත් තීරණය එම විෂය ක්ෂේත්‍රය පිලිබ‍ද උනන්දුවක් දක්වන ලොවපුරා විශාල පිරිසක් අතර ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව ඇත. පාලනාධිකාරයේ එම තීරණයට විරෝධය දක්වන ශිෂ්‍යයන්ට සහයෝගය දීමට මානව ශාස්ත්‍ර විෂය පිලිබද ලොව පුරා වියතුන් විශාල පිරිසක් ඉදිරිපත්ව සිටිති. මේ වනවිට පාලනාධිකාරයේ තීරණයට එරෙහිව විරා්ධය දක්වන ශිෂ්‍යයින් විසින් එකී විශ්ව විද්‍යාලයීය පරිපාලන ගොඩනැගිල්ල සිය ග්‍රහනයට ගෙන සිටින අතර ඔවුහු පාලනාධිකාරයේ තීරණය වෙනස් කරන ලෙසට බලපෑම් කරමින් සිටිති. ලෝකය පුරා සියලුම විශ්ව විද්‍යාලයන්හි පාහේ මානව ශාස්ත්‍ර විෂයන්ට අඩු වැදගත්කමක් ලබාදෙමින් එකී පාඨමාලාවන් කප්පාදුවට ලක්වෙමින් පවතී. ලංකාවේ විශ්ව විද්‍යාලයන්හිද මෙම තත්වයේ වෙනසක් නොමැත. මෙරට මානව ශාස්ත්‍ර අධ්‍යනාශයන්ට එල්ලවන ප්‍රධාන අභියෝගයක්ව ඇත්තේ එම අධ්‍යනාංශයන් සතු සම්පත් යොදාගනිමින් වැඩි අදායම් ඉපිදවියහැකි පාඨමාලාවන් ආරම්භ කරන ලෙසට වන බලපැම්ය. මේ සන්දර්භය තුල මිඩ්ල්සෙක්ස් විශ්ව විද්‍යාලයීය පාලනාධිකාරයේ තීරණය වෙනස් කරන ලෙස ඉල්ලා සිටිමින් සකස්කොට ඇති මාර්ගගත පෙත්සමට (online petition) මේ වන විට ලොව පුරා විශාල පිරිසක් අත්සන් තබා ඇත. පහත ලින්ක් එක මගින් ඔබටද එකී පෙත්සමට අත්සන් තබන ලෙස අපි ආරාධනා කොට සිටිමු.

  • http://www.gopetition.com/petitions/save-middlesex-philosophy.html
වැඩිදුර තොරතුරැ සදහා පහත ලින්ක් භාවිතා කරන්න.
http://savemdxphil.wordpress.com/
http://www.facebook.com/group.php?gid=119102561449990

පහතින් පළවන්නේ ලොවපුරා පිලිගත් ශාසත්‍රඥයින් විශාල පිරිසකගේ අත්සනින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලැබූ ලිපියකි.

    Philosophical view: Middlesex, think again
    6 May 2010

    We the undersigned deplore Middlesex University's recent decision to close its philosophy programmes, including its prestigious and successful MAs. This is a matter of national and indeed international concern. Not only does it contradict Middlesex's stated commitment to promote "research excellence", it also represents a startling stage in the impoverishment of philosophy provision in the UK.
    We have participated in events organised by the Philosophy Group at Middlesex and can testify to its unique strengths and its significant and distinctive contribution to philosophy in the UK. Its set of MA programmes is currently the largest in the country.
    Philosophy is the highest-rated research subject at Middlesex. In the research assessment exercise 2008, it was rated first in philosophy among post-1992 universities, with 65 per cent of its research judged "world-leading" or "internationally excellent".
    Middlesex is widely recognised as one of the most important centres for the study of modern European philosophy anywhere in the English-speaking world. It has one of only a handful of philosophy departments left in the UK that provides both research-driven and inclusive postgraduate teaching and supervision aimed at a wide range of students, specialist and non-specialist.
    We call on Middlesex to reverse its damaging and ill-judged decision, and to renew its commitment to widening participation in education and excellence in research.
  • Keith Ansell-Pearson, professor of philosophy, University of Warwick
  • Alain Badiou, emeritus professor of philosophy, École Normale Supérieure, Paris
  • Etienne Balibar, emeritus professor of philosophy, Université de Paris-Nanterre, and distinguished professor of humanities, University of California, Irvine
  • Miguel Beistegui, professor of philosophy, University of Warwick
  • Andrew Benjamin, professor of critical theory and philosophical aesthetics, Monash University, Australia
  • Andrew Bowie, professor of philosophy and German, Royal Holloway, University of London
  • Judith Butler, Maxine Elliot professor of rhetoric and comparative literature, University of California, Berkeley
  • Susan Buck-Morss, Jan Rock Zubrow professor of government, Cornell University, New York
  • Barbara Cassin, directeur de recherches, Centre National de la Recherche Scientifique, Paris
  • Simon Critchley, professor of philosophy and chair of the philosophy department, New School for Social Research, New York
  • Christopher Fynsk, professor of comparative literature and modern thought, and director of the Centre for Modern Thought, University of Aberdeen
  • Simon Glendinning, reader in European philosophy, London School of Economics, and director of the Forum for European Philosophy
  • Boris Groys, professor of Slavic and Russian studies, New York University
  • Michael Hardt, professor of literature, Duke University, NC
  • Harry Harootunian, emeritus professor of history, Chicago and New York universities
  • Joanna Hodge, professor of philosophy, Manchester Metropolitan University
  • Claude Imbert, emeritus professor of philosophy, École Normale Supérieure, Paris
  • Mandy Merck, professor of media arts, Royal Holloway, University of London
  • Dermot Moran, professor of philosophy, University College Dublin
  • Michael Moriarty FBA, centenary professor of French literature and thought, Queen Mary, University of London
  • Antonio Negri, philosopher and political scientist
  • Jacques Rancière, emeritus professor of philosophy, Université de Paris VIII
  • Kristin Ross, professor of comparative literature, New York University
  • Lynne Segal, anniversary professor, psychosocial studies, Birkbeck, University of London
  • Peter Sloterdijk, rektor der Staatlichen Hochschule für Gestaltung, Karlsruhe
  • Gayatri Spivak, university professor in the humanities, Columbia University, New York
  • Isabelle Stengers, professor of philosophy, Université Libre de Bruxelles
  • Peter Weibel, chairman and CEO, ZKM/Center for Art and Media, Karlsruhe
  • James Williams, professor of European philosophy, University of Dundee
  • Slavoj Zizek, co-director of the International Centre for Humanities, School of Law, Birkbeck, University of London
 මිඩ්ල්සෙක්ස් විශ්ව විද්‍යාලයීය පරිපාලන ගොඩනැගිල්ලේ ශිෂ්‍යයින් රැදී සිටින අයුරැ දැක්වෙන ඡායාරෑප කිහිපයක් පහතින් පළවේ.
 

සංවේදී මිනිස් පවුර

අපි මේ සංස්කෘතික විශ්වයේ සැරිසරමින් සිටින අතර විවිධ ආශාවන්, විවිධ බලාපොරොත්තු, විවිධ අරමුණු, විවිධ සිහින අපේ කරගෙන, මගේ කරගෙන ජීවත්වනවා. මෙලොව එළිය දකින මොහොතේදී අව්‍යාජ හදවතකට, අවංක හදවතකට හිමිකම් කියූ අපි හැම නිමේෂයකම, හැම පැයකම, හැම දවසකම නොයෙකුත් ආශාවන්, නොයෙකුත් ලෞකික දේවල් අපේ හිත්වල පොදි ගහගනිමින් මේ සංස්කෘතික විශ්වයේ අතරමං වෙමින් සිටිනවා. මගේ කරගත යුතු හීන මගේ හීන කරනොගෙන, මගේ කරගතයුතු නැති හීන මගේ කරගෙන යන මේ ගමන තුළ නිරන්තරයෙන් අපි හොඳ නරක, හරි වැරදි නිවැරදිව වටහා ගනිමින් නොගනිමින් මග හරිමින් මේ සංස්කෘතික විශ්වයේ අතරමං වෙමින් සිටිනවා. මෙතනදී දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි අපේ සමාජයීය ජීවිතයට විවිධ සීමාවන් ලකුණු කරගනිමින් පටු මනසකට ගාල් වෙනවා. ඒ නිසාම මේ සංස්කෘතික ගමනේදී මට අනුව මම හරි, මට අනුව මම පොරක්, මට අනුව මට මීට වඩා කරන්න දෙයක් නැහැ, මට අනුව මගේ අවංකකම ගැන අව්‍යාජත්වය ගැන කාටවත් මාව ප‍්‍රශ්න කරන්න බැහැ, මට අනුව මගේ දෛවය කවුරුන් විසින් හෝ ලියන ලද්දක්, මට අනුව මගේ දෛවය වෙනස් කරන්න මටවත් වෙන කාටවත් බැහැ, මට අනුව මම මෙච්චරයි. 
                   ඔව්, වත්මන් සංස්කෘතික පොළොවේ සැරිසරන මට, අපිට මේ ක‍්‍රමවේදය විසින් හිතන්න පුරුදු කරල තියෙන්නේ ඒ විදියට. අපිව හිත්තවන්නෙ ඒ විදියට. ඉතින් මම එහෙමම හිතමින් ජීවිත් වෙනවා. අපි එහෙමම හිතමින් ජීවත් වෙනවා. මේ යථාර්ථය තුළ සිතීම කි‍්‍රයාව බවට පත් කරන අපි නිර්මාණය කරනවා ‘සමාජය’. ඉතින් අපි විසින්ම නිර්මාණය කළ නිර්මාණය කරන සමාජය තුළ බිහිවන ප‍්‍රතිඵලවලට අපිම බනිනවා. දන්න හැම විදියටම බනිනවා. 
                  දැන් අපි කාටද මේ බනින්නේ? අපි මොනවටද මේ බනින්නේ? හිතලා බලනවා නම් ඒ ප‍්‍රශ්න හරිම වැදගත්. කොහොම වුණත් අපි විසින්ම නිර්මාණය කරන අපේ සමාජය පිළිබඳව දළ අදහසක් ඇති කරගැනීමට සමාජය යම් අධ්‍යයනයකට භාජනය කළ විට මතුවන ප‍්‍රතිඵල අතර, 
  • සමාජයක් විදියට අපි දවසින් දවස විනාශයේ මුඛයට යමින් සිටින නිසාම පත්තර පිටු පුරා වාර්තාවන ප‍්‍රවෘත්ති අතර මිනිස් ජීවිතවල ඛේදනීය අත්දැකීම් අකුරු වනවා.
  •  දරුවන්ගේ ලෝකය යහපත් කරන බවට වගකිවයුත්තන් හඬගා කිව්වත් දිනෙන් දින දරුවන්ගේ ලෝකය විනාශවෙමින් පවතිනවා. දරුවන්ට ඔවුන්ගේ ලෝකය අහිමි වෙමින් පවතිනවා.
  •  ළමා පරපුර අධ්‍යාත්මිකව පෝෂණය කරමින් ඔවුන්ව අධ්‍යාපනිකව දියුණු බුද්ධි මට්ටමකට ඔසවා තැබීම දෙමව්පියන්ගේ හා වැඩිහිටි සමාජයේ වගකීම වුවත් අද වන විට දරුවන් අධ්‍යාත්මිකව පෝෂණය කරනට අවශ්‍ය අවම දේවත් නොකරමින් සාහිත්‍යය දරුවන්ගේ ලෝකයෙන් ඈත්කර තිබෙනවා. දරු පරපුර කටපාඩම් ගිරව් බවට පත්කර ඔවුන් තුළින් නාමමාති‍්‍රක උගතුන් බිහිකරමින් සිටිනවා. දරුවන් තුළින් බුද්ධිමතුන් බිහිවීමේ කි‍්‍රයාවලිය ගබ්සා කර තිබෙනවා.
  •  ආච්චි වුණත් මොකද හොඳට ලව් කරනවා නම් කියලා, එහෙම කියනකොට හිනාවෙලා, අත්පුඩි ගහලා, නටලා, ඒ සිංදු මාරයි කියපු වැඩිහිටි සමාජයම දැන් යටිගිරියෙන් බෙරිහන් දෙනවා ‘අද කාලෙ හැදෙන උන් ගන්න දෙයක් නැහැ, කොටින්ම වැඩිහිටියන්ට සලකන්න දන්නෙ නෑ’ කියලා.
             මේ විදියට පිටු පිරෙන්න ලියන්න පුළුවන් ඛේදනීය සිදුවීම් මේ සමාජය තුළ මුල් බැසගෙන තියෙන්නෙ මට මම හරි සමාජයක් තුළයි. මම මට වග නොකියන, මම අපිට වග නොකියන සමාජයක් තුළයි. මගේ හීන අපේ හීන එක්ක සමපාත නොවන සමාජයක් තුළයි.
              ඉතින් මෙහෙම සමාජයක මට අපිට සාම්ප‍්‍රදායික මිනිස් සිතීමට ගොඩවී පොදු ප‍්‍රකාශ නිකුත් කරමින් අනෙකාට බැන බැන, සමාජයට බැන බැන, සමාජය එල්ලූම් ගහේ යවන්න  ඕනි කිය කිය පණක් නැති, ඵලක් නැති වචන මතුරමින් ඉන්න පුළුවන්ද? කෙස් පැලෙන තර්කවලින් සමාජය වෙනස් කරන්න හිස් වචන කියකිය ඉන්න පුළුවන්ද? අමාරු ඇත්ත වෙනුවට ලේසි බොරුව තෝරාගනිමින් ‘ෂේප්’ න්‍යාය අනුගමනය කරන්න පුළුවන්ද?
              මේ ප‍්‍රශ්නාර්ථ  මීට අවුරුදු 06කට කලින් අපිව නිරුත්තර කළා. අපිව අවදි කළා. අපිව සකී‍්‍රය කළා. ඒ හරහා දුෂ්කර මුත් සත්‍යවාදී ගමනකට අපිව තල්ලූ කළා.
               අපි ඒ ප‍්‍රශ්නාර්ථවලට සවිඥානික වුණා. ඒ ප‍්‍රශ්නාර්ථවලට අභිමුඛ වුණා. ඒ ප‍්‍රශ්නාර්ථවල බර පිළිබඳ පුළුල් කතිකාවකට ගොඩවුණා. ඒ අනුව අවංක කියවීමක ගැඹුරු සංවාදයක ප‍්‍රතිඵලය විදියට අපි කැමැත්තෙන්ම ඒ දුෂ්කර මාවත තෝරගත්තා.
               ඒ තෝරා ගැනීමේ  ප‍්‍රතිඵලය විදියට අපි දැනුවත්වම සමාජයට දියවෙන්න පටන් ගත්තා. අපි දියවෙන තරමට සමාජය විසින් අපිව ගුණයෙන් පෝෂණය කරන්න වුණා. අපි සමාජයීය මිනිසුන් වුණේ මේ සියලූ තත්වයන්වල ප‍්‍රතිඵල විදියටයි.
                මේ අපේ සමාජයීය සිතීම, මේ අපේ සමාජයීය සිටීම. ඒ තුළ ගොඩනැගුන අපේ සමාජයීය භාවිතය දිනෙන් දින ව්‍යුහයක් ලෙස මෝරන්න පටන් ගත්තා. ක‍්‍රමිකව වැඩෙන අපේ මේ ව්‍යුහයට භාෂා ලෝකය තුළ අර්ථ නාමයක් අවශ්‍ය නිසාම අපි මේ ව්‍යුහයට ‘සංවේදී මිනිස් පවුර’ යන නම තැබුවා. 
                  අවුරුදු 06 ක් පුරා මේ සංවේදී මිනිස් පවුර තුළ අපි බොහෝ කි‍්‍රයාකාරකම්  කරමින් සිටිනවා. ඒ කි‍්‍රයාකාරකම් විටෙක මහා සමාජ ප‍්‍රකාශන මහා සමාජ සත්කාරයන් දක්වා විශාල වන අතර තවත් විටෙක එය කුඩා දරුවකුට පොතක් පෑනක් අරන් දෙන තරමට සුළු උපකාර බවට පත්වී කුඩා වනවා.
               කොහොම නමුත් ඒ සියලූ  කි‍්‍රයාකාරකම් මේ වියමන තුළ අකුරු බවට පත්කරන්නට අපේක්‍ෂා නොකරන අතර ‘අපි’ පිළිබඳව යම් අවබෝධයක් ලබාගැනීමට දළ අදහසක් ඇතිකරගැනීමට සංවේදී මිනිස් පවුර එක් එක් ව්‍යුහයක් හරහා මේ මහ පොලවේ කි‍්‍රයාකරන ආකාරය මෙහි සංක්‍ෂිප්තව අකුරු කරනවා.

සුබෝධන ළමා කවය

              කොහේ පිපුණත් මල් මල් මයි. එකපාට මල්වලට වඩා පාට පාට මල් එකතැනක තියෙනකොට ලස්සනයි. එක එක ජාතියේ මල් එක තැනක තියෙනකොට ලස්සනයි.
              කාගෙ වුණත් දරුවො දරුවොමයි. එකම පාට එකම ආගමේ එකම ජාතිකත්වයේ දරුවන්ට වඩා විවිධ ජාති, කුල, ආගම්, පාට නියෝජනය දරුවන් තුළ ඇති විවිධත්වය ළමා ලෝකය තුළ මොනතරම් අපූරු සිතුවම් විචිත‍්‍රවත් කරනවාද?
              අපි පුංචි දූ  පුතුන්ගේ ලෝකය ලස්සනට නිර්මාණය කරන්න ඔවුන්ගේ පුංචි මනසට ඇතුල්වෙලා ඉන්නවා. ඔවුන් එක්ක සිංදු කියනවා. සෙල්ලම් කරනවා. චිත‍්‍රපට බලනවා. ඔවුන්ට උගන්වනවා. විවිධ කි‍්‍රයාකාරකම් හරහා ඔවුන්ව ආදරයෙන් පෝෂණය කරනවා.
              වැඩිහිටි සමාජය විසින් ජාති, කුල, ආගම් බේද මේ පුංචි ලෝකයට ඇතුල් කරන කි‍්‍රයාවලියට එරෙහිව අපි මහා පවුරක් සේ නොසැලී සිටිනවා.

අරුණෝදය යෞවන කවය

              නව යෞවන විය සහ යෞවන විය කියන්නේ ජීවිතයේ තීරණාත්මක කඩඉමයි. බොහෝ දෙනා මේ අවදියේ දී ජීවිතය පටන් ගත යුත්තේ කොහොමද? තෝරාගත යුත්තේ මොනවාද? කාවද? අතහැරිය යුත්තේ මොනවාද? කාවද? කියලා හරිහැටි අවබෝධ කරගන්නේ නැති නිසා හිමිදිරි පාන්දරම ජීවිතය වරද්ද ගන්නවා. මේ තත්වය තුළ හරිම භයානක ප‍්‍රතිඵල සමාජගත වනවා. ඒ නිසා අපිට මේ නව යෞවන සහ යෞවන වියේ පසුවන දූ දරුවන් පිළිබඳ පැහැරහැරිය නොහැකි වගකීමක් තියෙනවා.
             ඒ වගකීම ඒ බරෙන්ම භාරගත් අපි මේ වනවිට මේ තරුණ පරම්පරාවට රැස්වන්නට, කතාබහ කරන්නට, ඉගෙනගන්නට, සතුටුවන්නට අරුණෝදය කවය නිර්මාණය කර තිබෙනවා.
              ජීවිතය පිළිබඳව ධනාත්මකව හිතන්නට, ජීවිතය පිළිබඳව යථා සිහින පමණක් මනස තුළට ගොනු කරන්නට, ජීවිතය සමාජය ඉගෙනගන්නට, ජීවිතය විඳින්නට තරුණ දූ පුතුන්ට අරුණෝදය කවය හරහා ඉඩ ප‍්‍රස්ථාව සලසා තිබෙනවා.

හිරු පුස්තකාලය

              ‘කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ කියන කියමනට අපි පුංචි සංශෝධනයක් එකතු කළා. ‘අර්ථවත් පොතපත කියවීම මිනිසා සම්පූර්ණ කරයි’ අපි එහෙම කියන්නේ අද වෙනකොට මේ සමාජයට මුදාහැරලා තිබෙන බොහෝ පොතපත මනස දූෂණය කරන්නට තරම් සැහැසි ප‍්‍රකාශන වී ඇති නිසයි.
              අපි ළඟ හොඳ පොත්පත් ටිකක් තියෙනවා. අපි ඒ පොත් පත් අපේ ගමේ දූ දරුවන්ට, තරුණ තරුණියන්ට, වැඩිහිටියන්ට කියවන්න දෙනවා. හිරු පුස්තකාලය නිසා අපේ ගම දැන් අකුරු වෙනුවට ජීවිත කියවන්න පටන් අරගෙන තිබෙනවා.

අකුරු පෙර පාසල

අකුරු පෙර පාසල තුළින් අපි සිඟිති දූල පුතාලගෙ පූර්ව ළමාවිය සංවර්ධනයට යොමුවෙනවා. මේ සඳහා පෙර පාසලේ ගුරුතුමියන් 03 දෙනෙක් වෙහෙසෙනවා. මේ වන විට කුඩා දූ පුතුන් 30ක් පමණ අකුරු පෙරපාසලේ ඉගෙනුම ලබනවා. මේ පුංචි මනස් නිවැරදිව, මනෝ විශ්ලේෂණිකව හඳුනාගත් අපි පුංචි දූලා පුතාලට ජීවිතයට නිවැරදි ආරම්භයක් ලබාදීමට කටයුතු කරමින් සිටිනවා. (අකුරු පෙරපාසල සඳහා පමණක් අපි සුළු මුදලක් අයකරනු ලබනවා. ඒ ගුරු මණ්ඩලයේ නඩත්තු කටයුතු සඳහා. සංවේදී මිනිස් පවුර බේරුවල ප‍්‍රදේශය තුළ සිදුකරන එකම මූල්‍යමය ගණුදෙනුව මෙය පමණයි.

පෙරඹර සංස්කෘතික මණ්ඩපය

සිංදු කියන්න, නටන්න, නාට්‍ය රඟපාන්න වගේම විවිධ කලා කුසලතාවයන් ඇති ඒවා වර්ධනය කරගන්න ආස දූ පුතුන් අපේ ගමේ ඉන්නවා. ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කරගැනීම සඳහා මෙන්ම එම කුසලතාවයන් ගම තුළ මෙන්ම ගමෙන් පිටතත් වේදිකාගත කරන්නට ඉඩකඩ ලබාදීම පෙරඹර සංස්කෘතික මණ්ඩපයේ අරමුණයි. මේ වන විට පෙරඹර සංස්කෘතික මණ්ඩපය හරහා දක්‍ෂ කලාකරුවන් සමාජගත කිරීමට මෙන්ම සාර්ථක කලා මහෝත්සව කළඑළි ගන්වන්නට අපට හැකිවී තිබෙනවා.

දුයිශෙන් ඉස්කෝලෙ

                  අපි චිංගීස් අයිත්මාතව්ගේ ‘ගුරු ගීතය’ කියෙව්වා. ගුරු ගීතයේ අකුරු නෙවෙයි ජීවිත කියෙව්වා. ඒ කියවීමේදී  දුයිශෙන් මහා සාරවත් මිනිසෙක්ව අපට අභිමුඛ වුණා. අපි දුයිශෙන්ට ආදරය කළා. දුයිශෙන්ව අපේ පොලවේ ජීවත්කරවන්නට අපිට  ඕන වුණා.
                   අපි අපේ ගමේ  ඉස්කෝලයක් පටන්ගත්තා. ඒ ඉස්කෝලෙට දුයිශෙන් ඉස්කෝලෙ කියලා නම තිබ්බා. අකුරු පන්තියේ ඉඳන් අ.පො.ස. උසස් පෙළ දක්වා දරුවන්ට අපි දුයිශෙන් ඉස්කෝලෙදි සිප්සතර ලබාදෙනවා. හැබැයි ඒ වෙනුවෙන් අපි රුපියලක්වත් අයකරන්නේ නැහැ. ඉගැන්වීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය අපිට කෝටියක් වටිනවා. අපෙන් ඉගෙනගන්න දරුවන්ගේ බුද්ධි වර්ධනය දිහා බලලා අපි නිහතමානීව සතුටු වෙනවා.

සියැටල් පරපුර

           අපි ළමා ලෝකයට වැඩිපුර සංවේදී වෙනකොට අපිට අවබෝධ වුණ කාරණයක් තමයි අද ළමා පරපුර මෙන්ම තරුණ පරපුර ගහ කොළට, සතාසීපාවාට ආදරය නොකරන යාන්ති‍්‍රක දිවි පෙවෙතකට යොමුවෙලා තියනවා කියන අවාසනාවන්ත යථාර්ථය. ගහ කොළට ආදාරය නොකරන පරම්පරාවකින් තෙතමනයක් ඇති හිතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? නිර්මාණ උල්පතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මානව සමාජයට ආදරයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?
            අපි සියටල් පරපුර නිර්මාණය කරමින් සිටිනවා. ගස්කොළන්වලට ආදරය කරන ඒ උතුම් පරපුර නිර්මාණය කරමින් සිටිනවා. ගස් හිටවලා, වතුර දාලා, ආදරයෙන් ගහ හදලා, මලක් පිපෙනකොට ඒ දිහා බලලා හිනාවෙන පරම්පරාවක් අපි බිහිකරමින් සිටිනවා. සියටල් පරපුර තුළින් තෙතමනයක් ඇති ලස්සන හිත් අපේ ගමට කැන්දන්න හැකි වේවි. 

විශ්ව ප‍්‍රජා මණ්ඩලය

           ගමක් තනන්න, පරපුරක් බිහිකරන්න ලේ දහඩිය කරපු තාත්තලා වගේම ලේකිරි කරපු අම්මලා ගම වෙනුවෙන්, සමාජය වෙනුවෙන් තම ජීවිතයේ උතුම් කාලය කැපකරලා අද වෙනකොට පවුල තුළ හුදකලා වී සිටින්නේ ‘දැන් ඉතින් අපේ කාලෙ ඉවරයි’ කියන සිතුවිල්ලට කොටුවෙලා. ඒත් අපේ විශ්වාසය ගමක් ලස්සන කරන්න, ගමක් ගොඩනගන්න, ගමට ආදරය කරන සමාජ සංවිධාන වගේම දෙමාපියන් ද එක හිතින් අත්වැල් බැඳගත යුතු බවයි. දරුවන්ගේ ලෝකය ලස්සන කරන්න ගමම එකම පවුරක් සේ එක්ව කි‍්‍රයාකළ යුතු බවයි.
          අපේ මේ විශ්වාසය තුළ අපි රටට ලස්සන ගමක් බිහිකරන්න විශ්ව ප‍්‍රජා මණ්ඩලය නිර්මාණය කළා. ගමට වටින, රටට වටින උතුම් මිනිසුන් එක්ක හැකි උපරිම සීමාවේ වැඩකලාවක් තුළ ගම ගොඩනංවන්න, සාමූහිකත්වය වර්ධනය කර ගම සංවර්ධනය කරන්න විශ්ව ප‍්‍රජා මණ්ඩලය හරහා අපි උත්සාහ දරමින් සිටිනවා.
          ගම සාමූහික කළ තරමට ගමට දිනාදිය හැකි ජයග‍්‍රහණ අපමණ නිසාම විශ්ව ප‍්‍රජා මණ්ඩලයට ගම තුළ කරන්නට ඇති දේ අපමණයි.
          මේ ව්‍යුහයන් හරහා සංවේදී මිනිස් පවුර බේරුවල ප‍්‍රදේශය කේන්ද්‍ර කරගෙන පොදු ජන මනස සංවර්ධනය කරන්න යෝධ ගමනක පුංචි පියවර කිහිපයක් ඉදිරියට පැමිණ තිබෙනවා. බේරුවලට පමණක් සීමා නොවන අපේ සිතීම තුළ අපි විවිධ ප‍්‍රදේශ ගවේෂණය කරමින් පුළුල් කි‍්‍රයාකාරකම් කරමින් සිටිනවා. එහි ප‍්‍රතිඵල ලෙස මේ වන විට අපට යාපනයේ උඩුවිල්, නාරන්තනෙයි, චාවකච්චේරි සහ පේදුරුතුඩුව වැනි ප‍්‍රදේශවල ළමා හා තරුණ කණ්ඩායම් සමඟ කටයුතු කිරීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ සහෝදර බැමි නිසා අපිට ඇත්තේ අසීමිත ආශ්වාදයක්.
           සංවේදී මිනිස් පවුර බේරුවල ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක වන්නේ ගල්පොත්ත සංවේදී පියස මධ්‍යස්ථානය කොට ගනිමින්. වර්ග අඩි 2000ක පමණ බිම් මහලකින් සමන්විත සංවේදී පියසේ පළමු මහල රඟහලක් ලෙස සකස් කරගැනීම අපේ අනාගත සිහිනයක්.
            සංවේදී මිනිස් පවුර ලෙස අප යන මේ ගමන ඇත්තෙන්ම අසීරුයි. වැටි වැටි නැගිටිමින් යන මේ ගමන තුළ අසීරුතාවයන් නිසාවෙන්ම ගමන අතහැර දමන්නට අපට බලකෙරෙන වාර අනන්තයි. අප‍්‍රමාණයි. ඒත් මොනතරම් අසීරු වුවත් මොනතරම් දුෂ්කර වුවත් මොනතරම් කටුක අත්දැකීම්වලින් සමන්විත වුවත් මේ මාවතේම ගමන් කරන්නට ඒ හරහා මිනිස් සමාජයට අවම යුතුකම්වත් ඉටුකරන්නට අපි තීරණය කර අවසන්. ග‍්‍රාමීය මිනිස් සමාජය මෙන්ම නාගරික මිනිස් සමාජය තරණය කරමින් සියලූ මිනිස් ජීවිත බුද්ධිය හා තෘප්තිය පිරි දියුණු සමාජ තලයකට ඔසවා තබන්නට අප දරණ උත්සාහයේ දී අපත් සමගින් අත්වැල් බැඳගනිමින් විවිධ ක්ෂේත‍්‍රවල සිටින අපේ සහෘදයින් අපව දිරිමත් කිරීම අපට මහත් ශක්තියක්. යථා පොළව තුළ සමාජයම දියවීමක් උදෙසා අප දරණ වෙර හමුවේ අපට ශක්තිය සපයන අපට හුස්ම දෙන අව්‍යාජ මිනිසුන්ගේ ඒ අමිල දායකත්වය හෙට දිනයේ ද අපට වඩවඩා අවශ්‍යයි. අප සමඟ අත්වැල් බැඳගන්නා පරාර්ථකාමී මිනිසුන්ගේ ශක්තිය ද එක් රැුස්කරගෙන වඩවඩා සමාජගත වන්නට අපි දැඩි වුවමනාවකින් කටයුතු කරමින් සිටිනවා.
 
සංවේදී මිනිස් පවුර
සංවේදී පියස,
ගල්පොත්ත,
බේරුවල,
ශී‍්‍ර ලංකාව
.

මං මුලා වී ආ තිලකසේන සහ හසරක් අසමින් ගිය සුචරිත ගම්ලත් හෙවත් “තමුසෙ පලයං ඕයි ” උභතෝකෝටිකය.


දිනය - 2010 අප්‍රේල් 27
ස්ථානය - මරදාන ලංකා අක්ෂය
වෙලාව - සවස 6.00
මාතෘකාව - සිංහල ලිඛිත ව්‍යවහාරයට ව්‍යාකරණමය වෙනසක් අවශ්‍යද?
දේශකයා - අජිත් තිලකසේන

දශක ගණනාවක් තිස්සේ සිංහල භාෂාවේ ව්‍යාකරණමය වෙනසක් පිළිබඳව හුදෙකලා අරගලයක නිරත වන අජිත් තිලකසේනව දැකබලා ගැනීමට පිරිස එක් රොක් වූයේ මින් පෙර සජීවී ව ඔහුව දැක නැති නිසා ත් අසම්ප්‍රදායික ලේඛන රීතියක් අනුගමනය කරන්නෙකු ත් නිසාය. ‘වෙන සැප කුමට ඔබ දකිනා එම පමණ’ ලෙසින් මා ද ඊට එක් වූයේ කාලයක් තිස්සේ මෙන් ම අදටත් ඔහුගේ ලියවිලි තුළ සැරිසරන්නෙක් නිසා ය.

අනෙකාගේ ලේඛන රීතියෙන් හාත් පසින්ම පරිබාහිර වූ ශෛලියක් වැළඳ ගත් ඔහුගේ ආඛ්‍යාන තුළ තිබූ ආකර්ෂණීයමය තත්ත්වය හේතුවෙන් ඔහු කෙරෙහි සැලකිය යුතු පාඨක ප්‍රජාවක් නිර්මාණය වූවා යැයි අපි සිතමු.

ඔහු 1960 සිට 2004 දක්වා කෙටි කතා ග්‍රන්ථ නවයක් ද 1978 සිට 2008 දක්වා කවි සහ සංයුක්ත කවි වශයෙන් කව්‍ය ග්‍රන්ථ ත්‍රිත්වයක් ද නාටය පිටපතක් ද තිර නාටකයක් ද ප්‍රබන්ධ සමහරක් ද සිංහල සාහිත්‍ය වපසරියේ ස්ථානගත කරමින් ලේඛනයේ වෙනස් වූ මගක ඇදෙන්නෙක් ලෙසින් ප්‍රසිද්ධ විය. එසේ පොදු කුලකයන්ගෙන් වියුක්තව හැදී වැඩුණු ලේඛන ආශ්‍රයක් සමග සාකච්ඡා කිරීමට අපි මහත් උද්‍යෝගයෙන් පැමිණියෙමු. මේ අතර සංවාදය තුළ මහාචාර්ය සුචරිත ගම්ලත් ද අසුන්ගෙන සිටීම කාගේත් මන දොළ පුරවන්නට වූයේ භාෂාව සහ ව්‍යාකරණය පිළිබඳව උද්වේගකර කතා බහක් ආරම්භ වීමේ ආශ්චර්යවත් මොහොත දැන් දැන් උදා වේ යැයි සිතූ නිසාය. නමුත් තත්ත්වය එසේ නොවීය. දෙදෙනා වෙනස් සම්ප්‍රදායන් ගුරු කුලයන් දෙකක් නියෝජනය කළ ද ඒ තුළ හීන් නූල් ඒකමිතියක් ගොඩනගා ගත් හ. මෙසේ කොළ වසා ගැසීමේ සාකච්ඡාමය මොහොත උදා විය.

අජිත් තිලකසේන මහතා ස්වකීය ලේඛන රීතියේ ආගමනය සහ එයට බල පෑ සංසිද්ධීන් වර්ෂ වලින් ගෙනහැර දැක්වී ය. එසේ කරුණු රාශියක් ඔස්සේ ඔහු විසින් නිර්මිත ලේඛනයකට හුරු වූ බව කියා පෑවේ ය. තිලකසේන මහතා ගේ සාකච්ඡාවේ දී ඔහු දැඩි ලෙස ප්‍රකාශ කරනුයේ කට වහරින් ලේඛනය සිදු කළ යුතු බව යි. කතා කරන භාෂාවෙන් ලිවීමේ නිරත වීමක් පිළිබඳව අදහස් දැක්වීමේ දී ඉදිරිපස අසුන් ගෙන සිටි සුචරිත ගම්ලත් මහතා නිහඬව අසා සිටියේ ය. කවුරුත් තිලකසේනගේ කට වහරින් කළ යුතු ලේඛනය පිළිබඳව අසා සිටිද්දී නැවත ත් තිලකසේන කට වහරේ ව්‍යාකරණයක් ඇති අතර එය රකිමු යැයි ද ප්‍රකාශ කළේ ගම්ලත් ගේ කනෙන් රිංගා යාමට යැයි මට සිතේ. ගම්ලත් ද එය හිස වනා අනුමත කළේ ඇයි දැයි නම් මා නොදනී.

අවංකවම කට වහරට ව්‍යාකරණයක් තිබේ ද? තිබේ නම් එය කුමක් ද? තිලකසේන පවසන ආකාරයේ කට වහරේ ව්‍යාකරණය කුමක් ද? ගම්ලත් හිස වනා අනුමත කළ කට වහරේ ව්‍යාකරණය කුමක් ද? මාගේ පිළිතුර නම් කට වහරට ව්‍යාකරණයක් නොමැත යන්න යි. ව්‍යාකරණයක් ඇත්නම් එය කට වහර වන්නේ කෙසේ ද? තිලකසේන ගේ ඇන ගැනීම සහ ගම්ලත් ගේ බබා හුකුං නිහඬභාවය අපි තව දුරටත් සාකච්ඡා කරමු. කට වහරට ව්‍යාකරණයක් නැත. ඇත්තේ යුක්තාර්ථයක් පමණි. එය ගම්ලත් ද නොදන්නවා නොවේ ය.

උදා - යුක්තාර්ථවත් වාක්‍ය සමහරක්

1. ගහ කොළ වැල වවන්න.
2. ගල් වැලි ගඩොල් බාන්න.
3. හිරු සඳු තරු බලන්න.
4. මේස පුටු බංකු ගෙනියන්න.

මේ වාක්‍ය වල ඇති වචන එකිනෙක හා ගැලපෙන අර්ථයකින් යුක්ත ය. එකම වාක්‍ය තුළ විසංවාදී අර්ථ සහිත වචන නොමැත. එනම් ගහ කොළ පුටු වවන්න යනුවෙන් පවසා නැත. හිරු සඳු ගඩොල් බාන්න යනුවෙන් පවසා නැත. ඉඳින් දැන් කට වහරේ පවතින යුක්තාර්ථය පැහැදිලි වනවා ඇත. නමුත් තිලකසේන පවසා සිටියේ කුමක්දෝ කට වහරේ ව්‍යාකරණයක් පිළිබඳව ය. ව්‍යාකරණයක් තිබේ නම් එය කට වහරක් වන්නේ කෙසේද යන්න මම නැවතත් ප්‍රශ්න කරමි.

එසේ තිලකසේන ගේ අදහස් ඉදිරිපත් කිරීම අවසන් වි සංවාදය ඇරඹිණි. හෂිත සහෝදරයා ගම්ලත්ගෙන් ඇසූ පැනයෙන් සංවාදය උණුසුම් වේ යැයි කවුරුත් සිතුවත් එය එසේ නොවීය. හෂිත ගේ ප්‍රශ්නය වූයේ ‘හඩු සිංහල ලියනවා යැයි ඔබ බැණ අඬ ගසද්දී මෙසේ කට වහරින් ලේඛනය පවත්වා ගෙන යාම ගැන ඔබ එකඟ වනවා ද?’ යන්න යි. ගම්ලත් ගේ පිළිතුර වූයේ දෙකටම නැති මගුල් ලියනවාට වඩා කුමක් හෝ එක දෙයකින් ලිවීම අනුමත කරන බවකි. මා එයට එකඟය. නමුත් ගම්ලත් ගේ සැබෑ පිළිතුර එය නොවන බව දනිමි. ඔහු‍‍‍ගේ කෘති, ලියවිලි සහ දෙසුම් ඇසුරු කරමින් ලද දැනුමින් අප එය දනී. ඒ මොහොතේදී සිදු වූ‍යේ වෙන කිසිවක් නොව ගම්ලත් තිලක‍‍සේන ගේ පිට කැසීමත් තිලකසේන ගම්ලත් ගේ පිට කැසීමත්ය. සංවාදයක් ලෙස මතු විය යුතු හෂිත ගේ පැනය ලත් තැනම ලොප් කර දැමුණි. ඉන් පසුව මේ තරම් සළු පිළි අන්දවන ගම්ලත් ගෙන් අපේ අධෝ මාර්ග බේරා ගැනීමට සිදු විය.

එසේම ගම්ලත් ගේ විසංවාදී පිළිතුරු ඇරඹුණේ හෂිත සහෝදරයාගේ දෙවන ප්‍රශ්නයේ දී ය. එනම් ‘භාෂාව සන්නිවේදන මෙවලමක් ලෙස ගෙන ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස අතහැර අදහස් හුවමාරු කිරීමට පමණක් ලඝු කරමු ද?’ යන්න යි. එයට ගම්ලත් ගේ පිළිතුර වූයේ එය භාෂාව පිළිබඳව නොදැනුවත් භාවයෙන් අසන ලද්දක් බවයි. ගම්ලත් දෙවන ප්‍රශ්නයේ දී ව්‍යාකරණ, අක්ෂර වින්‍යාස ගැන දැඩි මතයක් දරන අතර පළමු ප්‍රශ්නයේ දී එය එසේ නැතැයි යන්න ගම්‍ය වන පිළිතුරක් ලබා දුණි. ගම්ලත් ට තිලකසේන සමග තිබෙන ඇඟෑලුම් කමකට හෝ වෙන මොන යම් හෝ දෙයක් හේතුවෙන් පය බරයාවට තබා පිටිකර බෙහෙත් බඳින තත්ත්වයට හෝ පීරා ඈතින් කෙස් ගෙනත් තට්ටය යන්තමින් වසා ගැනීමට සිදු විය.

මෙම සංවාදය පුරාම වාදයන් ප්‍රතිවාදයන් ගැටී ගොඩනගා ගත හැකි සාර්ථක සහවාදයක ලක්ෂණයක් තියා සෙවණැල්ලක් වත් නොපෙනුණි. අසාර්ථක සංවාදයක් තුළ අජිත් තිලකසේන සහ සුචරිත ගම්ලත් යන දෙදෙනා ගේ හූරු තුඩ සීවල් තැබුවා සේ දෙදෙනා දෙපොලක දෙතැනක කොහේදෝ හාරා ගෙන ගියහ. යන්නෙ කොහෙද මල්ලෙ පොල් වී පොල්ලෙන් ගසා ගන්නට බලා සිටිය වුනට සිදු විය.

තිලකසේන සිංහල භාෂාව සරල සුගම කිරීමේ හුදෙකලා අරගලයක නිරත වුව ද එය තාර්කික ව ඉදිරිපත් කර ස්වකීය මතය කාන්දු කිරිමේ ඇති අපොහොසත්භාවය සංවාදය පුරාම පැවතුණකි. භාෂාවක් පිළිබඳව ඔහු ඉදිරිපත් කරන කරුණු වල අනාගත සත්තාව පිළිබඳවම ඇත්තේ අපැහැදිලි බවකි. ඔහුගේ අක්ෂර සහ පිල්ලම් පිළිබඳව මාගේ ප්‍රශ්න කිරීමේ දී එයට, බාල ගිරි දෝෂය අද නෑ හෙට යනුවෙන් පිළිතුරු ලැබුණි. තවද න, ණ, ල, ළ අක්ෂර යෙදීමේ දී එක අකුරක් පමණක් භාවිතයට ගැනීමේ දී වචනයකට සිදුවන අර්ථ සංහාරය පිළිබඳ ප්‍රශ්නයේ දී එම අකුරු යෙදෙන පරිසරය මත පිහිටා අර්ථය තේරුම් ගනිමු යැයි ප්‍රකාශ කිරීම මට අනුව නම් යුක්ති සහගත නොවන්නකි. මන්ද කවියක දී එය කිසිසේත් ම වලංගු නොවන්න කි. කවියෙකු ට ස්වකිය ප්‍රතිභානය හා මුසුව ගොඩනගන අවස්ථාව මතම වෙනස් අර්ථ මතු කිරීමේ උපකරණමය හැකියාව ඉන් අහිමි වන අතර සහෘදයෙකු ට වුව ද රස විඳීමේ දී බරපතල රස වින්දන බාධා පමුණුවනු ඇත.

උදා -
කල - කාලය
කළ - ක්‍රියාව
මල - පුෂ්පය
මළ - මැරුණු

කවියක මෙසේ සඳහන් වුණි යැයි සිතන්න.
1. ‘ රෑ කළ වැඩ......’
2. ‘ ඉර මළ ට පසු......’

තිලකසේන මහතාගේ උගැන්වීම් ව්‍යාකරණයට අනුව මෙය ලිවිය යුත්තේ මෙසේය.
1. ‘ රෑ කල වැඩ......’
2. ‘ ඉර මල ට පසු.....’

මොහු ගේ ඉගැන්වීම මත මෙහි පරිසරය මතවත් අර්ථය වටහා ගත නොහැක. පළමු වැකියේ රෑ කරනු ලැබූ වැඩ ගැන අදහස් කරයි. එය තිලකසේන න්‍යායේ දී රෑ කාලයේ වැඩ ගැන අදහස් දෙයි. එහිදී කවියා ලියූ දේ වැරදි විදියට අර්ථ නිරූපණය වෙයි. දෙවන වැකියේ දී ඉර මැරණාට පසු යන්න ගම්‍ය වෙයි. නමුත් එයම තිලකසේන න්‍යායට අනුව ලිවිමේ දී ඉර නමැති මල ලෙස හාත් පසින්ම වෙනස් ම වූ අර්ථ සංහාරයක් සිදු වෙයි. එනම් මුල් අර්ථයෙන් පරිබාහිර රූපකාර්ථයක් ගනී. එසේ හෙයින් කවියක දී අකුරු යෙදෙන පරිසරය අනුව වත් නිවැරදි අර්ථය සොයා ගත නොහැකි බව තිලකසේන තේරුම් ගත යුතුව ඇත.

සංවාදය අවසානයේ මා පෞද්ගලිකව ඔහු සමග කළ ප්‍රශ්න කිරීමේ දී ලේඛනයේ දී කට වහර භාවිතා කිරීම මගින් අර්බුද සමනය වන බවක් නැවත ප්‍රකාශ කළ ද කතා කරන භාෂාවෙන් ලිවීමේ දී යම්කිසි ගද්‍ය ආඛ්‍යානයක ප්‍රමිතිගතභාවය අපි කෙසේ නිර්ණය කරමු දැයි ඇසූ විට ඔහුට ඒ සඳහා පිළිතුරක් නොතිබුණි. එහිදී ඔහු කලින් කී දෙයක් නැවතත් කියමින් ලේඛන වහරත් කට වහරත් සම්මිශ්‍රණය කොට ලිවීම හෙවත් ඇට්ටකුණා කර ගැනීමක් (ගම්ලත් ට අනුව හඩු භාෂාව) වැනි මධ්‍යම ප්‍රතිපදා බෝලයක් පාස් කරයි. හඩු සිංහලයට පුන පුනා බනින ගම්ලත් ද එවිට මුනිවතම රැක සිටියේ එවැනි ලේඛනයකට හැන්සාඩ් වාර්තාව උදාහරණයක් ලෙස තිලකසේන පෙන්වා දෙද්දී ය.

තිලකසේන පෙන්වා දෙන ආකාරයට කට වහරින් ලිවීම ඇරඹුන හොත් මෙවැනි දෑ සිදු වනු ඇත.

1. ළමයෙකුට හෝඩිය සහ අකුරු ලිවීම පමණක් උගැන්වීම ප්‍රමාණවත් වේ. ඉන් ඔබ්බට සිංහල භාෂා ගුරුවරු පාසල් වලට අවශ්‍ය නැත.

2. වර්තමාන සිංහල හෝඩිය සහ අකුරු ලිවීම කියවීම ළමයෙකුට උගැන්වූ පසු ඔහු සිංහල භාෂාවේ පරිපාකයට පත් වීම.(මන්ද තිලකසේනට අනුව භාෂාවේ වෙනත් යමක් ඉගෙන ගැනීමට නොමැති විම සහ ඉන් පලක් නොවිම. - මෙය බැලූ බැල්මට නම් මරු ය. )

3. ඒ අනුව පාසල් වල සිංහල භාෂාව යනුවෙන් ප්‍රශ්න පත්‍රයක් සෑදිය නොහැකි වීම. (ඉන් පසුව සිංහල භාෂා ගුරුවරු ත්‍රීවිලරයක් හෝ පදවා එදා වේල සරි කර ගත යුතු වේ. සන්නස්ගලට නම් එසේ කළ යුතු නොවේ.)

4. භාෂාවේ ව්‍යාකරණමය කිසිඳු අංගයක් පිළිබඳව නොසලකා ලේඛනයේ යෙදිය හැකි වීම. උක්ත ආඛ්‍යාත වල සිට වචනත්‍රය, කාලත්‍රය, පුරුෂත්‍රය හරහා විභක්ති, සමාස, සන්ධි, කර්මකාරක, කෘදන්ත, තද්ධිත ඈ මෙකී නොකී සියලුම දෑ අලුයම ලූ කෙළ පිඬක් සේ ඉවත ලෑම. එය ද ප්‍රශ්නයක් නැත. නමුත් ඉක්බිතිව මැටි මෝලුන් සේ ලිවීමේ නිරත වන ප්‍රජාවක් උත්පාදනය වීම.

5. සිංහලයේ මෙතෙක් තිබූ භාෂණය සහ ලේඛනය යන දෙවදෑරුම හැඳි ගා අතු ගා දමා භාෂණයම ලේඛනය ලෙස වැළඳගැනීම. (කුණු හරුප බහුල ලෙස අපේ කට වහරේ තිබෙන බැවින් අමු තිත්ත කණු හරුපයෙන් ද ලේඛනයේ යෙදිය හැකි වීම. යමෙක් ඒ ගැන ප්‍රශ්න කළොත් අපි තිලකසේන මහත්තයා කියා දුන් කට වහරින් ලියනවා යැයි කිව හැක)

6. කට වහරින් ලිවීම හුරු කරන තැන්හි සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍ය විස්ථාපනය වී නූතන සාහිත්‍ය කෘති ද පුස්තකාල ද කුණු ගොඩවල් වී වැළලී යන තැන් හි සාහිත්‍යක් පිළිබඳ ව සුභ සිහින දැකීම හමාර වීම.

7. කට වහරින් ලිවීම ප්‍රගුණ කළ වුන් කතා කරන භාෂාවෙන් සිංදු ලිවීමට පටන් ගැනීම. (අදට ත් මෙය අඩු වැඩි වශයෙන් සිදුවන අතර මේ අනුව අධෝ මුඛයෙන් වමනෙ යන ගීත අනාගතයේ දී ඇසෙනු ඇත.)

කරුණු එසේ වුව ද තිලකසේන මහතා සංවාදයට ප්‍රවිෂ්ට විය යුතු ව තිබුණේ එසේ නොව. ඔහු ප්‍රකාශ කළ යුතු ව තිබුණේ මා නිවැරදිව භාෂාව හදාරා සම්ප්‍රදාය අත්හල බව ත් ඔබ ද නිවැරදිව හදාර අවශ්‍ය නම් ඔබේ ආඛ්‍යාන රීතිය ගොඩනගන්න යන්න යි.

මෙම සාකච්ඡාව තුළ මතු නොවුව ද ඔහු විසින් පෙන්වා දෙන සඤ්ඤක ‘අ’ අකුරත් සඤ්ඤක ‘හ’ අකුරත් වර්තමාන සිංහල හෝඩියට ඈඳිය යුතු බව මම පිළිගන්නකි. හැඬුම් හඬක් හෝ එවැනි ශබ්දයක් ලිඛිතව ලිවීමට ඇති අපහසුතාවය ඔහු විසින් දැකීම පසසමි. තිලකසේන ගේ හුදෙකලා අරගලයේ සාධනීය අංගෝපාංගයන් අගයන අතර ඔහුගෙන් ව්‍යුත්පන්න වන කතිකාව භාෂාවක අනාගත පැවැත්ම සඳහා ප්‍රබල පිටිවහලක් නොසපයන බව කණගාටුවෙන් කිව යුතු ය.

භාෂාවක් අලුත් විය යුතුය යන්න අතීත විද්වතෙක් පල කළ අදහසක් ඔහු මෙහි දී ගෙන හැර දැක් වී ය. “කැණීම් කරද්දී ශත වර්ෂ ගණනාවක් ඉපැරණි පිහියක් හමු වූ විට අපි එය පාන් කපන්න ගන්නවා ද? එසේත් නැතිනම් එය කෞතුකාගාරයේ තබනවා ද ?” නමුත් මා කියා සිටිනුයේ එය තවමත් මුවහත් නම් එය පරයා යන නිෂ්පාදනයක් ද තවම නොමැති නම් පාන් කැපීමට සුදුසු ම පිහිය එය බව යි. භාෂාවක් ගතික ය. ක්‍රම ක්‍රමයෙන් අලුත් වන බව නිසැක ය. නමුත් තිලකසේන ගේ නව භාෂාවක එළඹුම් යෝජනා අසංවිධානාත්මක ය. එවන් භාෂාවක අපගමන සම්භාවිතාව ඉතා ඉහල ය.

සංවාදය අතර තුර සුචරිත ගම්ලත් කිසිවක් නොකියා නැගිට යාම මහාචාර්යවරයෙකු ට යුක්ති යුක්ත නොවන අතර ප්‍රධාන දේශකයා වූ අජිත් තිලකසේන ඔහුට එතෙක් ඇහුම් කන් දුන් පිරිස බලා සිටිද් දී කිසිත් නොකියා ම නැගිට යාම පිස්සු පීකුදු ක්‍රියාවකි. මේ සන්තෑසිය වාඩි වී බලා සිටි අප යා යුතු පාර ඇසූ විට “තමුසෙ පලයං ඕයි.....!” වැනි අණ්ඩර දෙමළ උත්තරයක් ඉතුරු කරමින් පැය දෙකක් හමාර විය.

ඉතිං මට ප්ලේන්ටියක් බොන්න සිත් විය.

“ප්ලීස් මෙයා....අර රාක්කෙ උඩ තියෙන කෝප්පෙ කොණ්ඩු වාංග..”

කනේ වැලි අනේ...!

(සංවාදයට විවෘතයි.)

ඉස්සුවේ බූන්දියෙන්
                               

                           ----------   වීරයා ------------

Powered by Blogger